ගුවන්‌තොටුපොළ ආගමන විගමන නිලධාරීන් සිල්ක් රූට් නිෂ්කාශන රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇති වාර්තා වේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ගමන් ගන්නා විශේෂ අමුත්තන් සහ ප්‍රභූන් වෙනුවෙන් පහසුකම් සැලසෙන මෙම සේවා කටයුතුවලින් ආගමන විගමන නිලධාරීන් ඉවත් වීමට කටයුතු කර ඇත්තේ මේ වන විට රටේ ජනතාව මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙනි.
ඒ අනුව අදාළ නිලධාරීන් අද අළුයම 12 සිට සියලුම සිල්ක් රූට් නිෂ්කාශන කටයුතුවලින් ඉවත්වන බවයි ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.














































