ඊයේ (01) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් වැටලීමක් සිදු කළ අතර එහිදී බිත්තර නිශ්පාදකයන්ගේ සංගමයේ සභාපති වන සරත් රත්නායක මහතාට අයත් ගොවිපොළකට නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කරයි.
එමෙන්ම එම ප්‍රදේශවල තවත් ගොවිපොළවල් තුනකට නඩු පැවරීමට කටයුතු කළ බව ඔවුන් සදහන් කරයි.
වැඩි දුරටත් ඔවුන් ප්‍රකාශ කළේ ඉදිරියේදී අදාළ නිෂ්පාදන ආයතන වලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි.














































