බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කල ගැසට් නිවේදනයට අනුව නිතියට ගරු කරමින් පනවා ඇති මිල ගණන් යටතේ බිත්තර අලෙවි කල යුතු බවට සමස්ත ලංකා කුකුලු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා විසින් ඉල්ලීමක් සිදු කර තිබේ.
ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 44කට සහ රතු බිත්තරයක් රුපියල් 46කට අලෙවි කිරීමට නියම කර තිබියදී එම මිලට වඩා වැඩි මිලට අලෙවි කරන්නන් සොයා නීතිය ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ප්‍රකාශ කර ඇත.
තවද නියමිත මිල ඉක්මවා බිත්තර අලෙවි කරන්නන් වාර්තා වී ඇති බවටද ප්‍රකාශ කරයි .ඒ අනුව ඊයේ දිනයේ ලැබුණු තොරතුරකට අනුව ජා ඇල ප්‍රදේශයේ බිත්තර ගබඩාවක් වටලා බිත්තර අත්ඩංගුවට ගත් බවද ඔහු විසින් තවදුරටත් ප්‍රකාශ කරන ලදි.













































