ඉදිරියේ දී පැමිණෙන උත්සව සමයේ දී දැඩි බිත්තර හිඟයකට මුහුණ දීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
මේ වන විට රටට අවශ්‍ය ප්‍රමාණයට සරිලන බිත්තර නිෂ්පාදනයක් ශ්‍රී ලංකාව තුළ සිදු නොවන බවයි එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කරන ලදී.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කරන ලදී.















































