වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බිබිලහෙල කදු රක්ෂිතයේ ඊයේ (08) පස්වරුවේ ඇති වූ ගින්නකින් රක්ෂිතයේ අක්කර සියයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ .
එම ගින්න තවදුරටත් රක්ෂිතය පුරා පැතිර යන බවත් , වැල්ලවාය ප්‍රදේශයේ පවුල් විශාල ප්‍රමාණයකට පානීය ජලය ලබා දෙන ජල මූලාශ්‍රයක් සහිත සංවේදී පරිසරය පද්ධතියක මෙම ගින්න හටගෙන ඇති බව සදහන් වේ.
එමෙන්ම මේ දිනවල ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා මෙම ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බවත් , ගින්න හේතුවෙන් රක්ෂිතයේ තිබූ ඉපැරණි ශාක සහ වනසතුන් රැසක් විනාශ වී ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ .














































