English
සිංහල
21:54 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බෙලිඅත්ත සමූහ ඝාතනයේ තොරතුරු රැසක් එළියට – ප්‍රහාරයේ සම්බන්ධීකාරක හඳුනාගනී –

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන මිනිස් ඝාතන නඩුවකට පෙනීසිටීමට යමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීජ් සමන් ඇතුළු පස්දෙනකු ඝාතනය කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී පෙරේදා (21) උදෑසන එල්ලවුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධීකරණය කළ බව කියන පුද්ගලයාව හඳුනාගෙන කොටුකර ගැනීමට පොලිසිය සමත්ව ඇත.

    වෙඩික්කරුවන් පැමිණි ජිප් රථයද මේ වනවිට පරිහරණය කරන පුද්ගලයා කවුරුන්ද යන්නද හඳුනාගැනීමට හැකියාව ලැබී තිබේ. ජිප් රථය ඊයේ සවස් වන විටත් කඹුරුපිටිය ප්‍රදේශය ආශ්‍රිතව යම් ස්ථානයක නතර කර තිබී ඇත.

    එම ජිප් රථය සමඟ මෙම ප්‍රහාරය සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ මෙහෙයුමක් ඊයේ රාත්‍රියේ දියත් කර තිබිණි

    මෙම ප්‍රහාරයට හමුදාවට සම්බන්ධ අයෙක්ද පැමිණ ඇති බව මේ වන විටත් තහවුරු වී ඇත. එම පුද්ගලයාව අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි පොලිසිය විශ්වාස කරයි.

    මෙම ප්‍රහාරය සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයා විවිධ අපරාධවලට සම්බන්ධ අයෙකි. වසර හය හතක්ම ඔහු බන්ධනාගාරගතව සිටි අයෙක් බවද සඳහන්ය.

    බෙලිඅත්තේ සිදුවූ මෙම පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු මෙම ප්‍රහාරය සම්බන්ධීකරණය කරන ලද සැකකරුගෙන් අද වන විට අනාවරණය කර ගැනීමට හැකි වෙතැයි පොලිසිය විශ්වාස කරයි.

    ඒ අනුව, මෙම ප්‍රහාරයට සම්බන්ධ සෙසු සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරයි.

    ජීප් රියෙන් බැස සැකකරු පාසල් සිසුන් භාවිත කරනු ලබන කළු පැහැති බෑගයක් කරේ එල්ලාගෙන මුව ආවරණයක්ද එම අවස්ථාවේ දී පැළද සිට ඇත.

    සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිටි ඔහු වැඩි කලබලයකින් තොරව ජිප් රථයෙන් බැස මාර්ගය දිගේ ඇවිදගෙන ගොස් මාතර බලා යන මගී බස් රථයකට ගොඩවී තිබේ. ඒ අතර ජිප් රථය කඹුරුපිටිය නගරය පසුකර ගමන්කර ඇත.

    මෙම කරුණු හෙළිවී ඇත්තේ වෙඩික්කරුවන් ගමන් කළ ජිප් රථය පළාගිය මඟ දෙපස වෙළඳ සැල් හා නිවාසවල ඇති ආරක්ෂක කැමරා රැසක් පරීක්ෂාකරමින් කළ විමර්ශනයකදීය.

    මාතර බස් රථයට ගොඩවුණු වෙඩික්කරු බස් රථයෙන් බසින ලද්දේ කුමන ප්‍රදේශයකදීදැයි සොයා ද මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ජිප් රථයේ ගමන් මඟද මේ වන විට ආරක්ෂක කැමරා 100කට වැඩි සංඛ්‍යාවක් පිරිස්සමින් සොයාබලමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    වෙඩික්කරුවන් ගමන් ගත් මෙම ජිප් රථය වෙඩි ප්‍රහාරයෙන් පසු පළාගියේ කඹුරුපිටිය නගරය ඔස්සේ මෙන්ම රථය මෙම ප්‍රහාරයට සූදානමින් වෙඩික්කරුවන්ද රැගෙන පැමිණ ඇත්තේ කඹුරුපිටිය දෙස සිට බව පෙනීගොස් තිබේ.

    විමර්ශනයේදී පෙනීගොස් ඇති අකාරයට අනුව වෙඩික්කරුවන් පැමිණි ජිප් රථයයේ සිටි වෙඩික්කරුවන් සිය ඉලක්කය ලබාගැනීමට අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුව ආසන්නයේ බොහෝ වේලාවක් තිස්සේ රැඳී සිට ඇත.

    සමන් පෙරේරා ඇතුළු පිරිස අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන විට වෙඩික්කරුවන්ට කල්තියා තොරතුරු ලැබී ඇති බව විශ්වාස කරන විමර්ශන නිලධාරීන් එසේ අපරාධකරුවන් අතර තොරතුරු හුවමාරුවීම් සිදුවී තිබේදැයි තහවුරුකර ගැනීමට දුරකථන ජාල පරීක්ෂාවක්ද මේ වන විට සිදුකරමින් පවතී. එසේම වෙඩික්කරුවන් රැගත් ජිප් රථය ගමන්කළ මාර්ග මේ වන විට හඳුනාගෙන සිටින බැවින් දුරකථන ජාල විමර්ශනයට එය මහත් පහසුවක් වී ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය. හඳුනාගෙන ඇති ආකාරයට අනුව වෙඩික්කරුවන් පැමිණි වාහනයේ සටහන්ව තිබී ඇත්තේ 65-2615 අංකයයි. එම අංකය එම වාහනයේ සැබෑ අංකය නොවන බවත් වෙනත් වාහනයක අංකයක් බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    ආරක්ෂක කැමරා මගින් හඳුනාගත් කඹුරුපිටියෙන් බැස මාතර බස් රථයට ගොඩ වූ පුද්ගලයාගේ රුව කඹුරුපිටිය නගරයේ ඇති ආරක්ෂක කැමරා කිහිපයකම සටහන්ව තිබී ඇත. ඒ ඔස්සේ ඔහුගේ මුහුණේ තරමක් පැහැදිලි ඡායාරූපයක්ද මතුකර ගැනීමට හැකියාව ලැබී ඇත. එම ඡායාරූපය ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය (AFRS) වෙත මේ වන විටත් යොමුකර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මෙම පස් පුද්ගල ඝාතනය මෙහෙයවා ඇත්තේ ඩුබායි හි රැඳී සිටින ප්‍රබල පාතාලයේ අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කොස්ගොඩ සුජී නමැති අය බවට තොරතුරු මේ වන විට පොලිසිය හඳුනාගෙන ඇත. කුලී ඝාතකයන් පිරිසක් යොදා ඔහු මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බව පෙනීයන්නේ යැයි විමර්ශන භාර උසස් නිලධාරියෙක් සඳහන් කළේය. කොස්ගොඩ සුජීගේ කුලී ඝාතකයන් අතර හමුදාවලින් පළාගිය පිරිස්ද එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවන්ද සිටින බව එම නිලධාරියා කීය. මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ මනාවට ගිනි අවි පුහුණුව ලැබූවෙක් බව පෙනීයන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේය.

    ඝාතනය වූ සමන් පෙරේරාට එරෙහිව ඝාතන චෝදනා ඇති බවත්, 2004 වර්ෂයේදී කොස්ගොඩ පොලිස් වසමේ දී කොස්ගොඩ සුජීගේ මාමා සහ සහෝදරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇති බවත් පොලිසිය කියයි. 2016 වර්ෂයේදී ගාල්ල පොලිස් වසමේ දී සුජීගේ ඥාතියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද සමන් පෙරේරාට චෝදනා එල්ලවී තිබී ඇත.

    සමන් පෙරේරා ඉලක්කරගෙන කොස්ගොඩ සුජී විසින් 2018 වර්ෂයේ දී ඉදුරුව ප්‍රදේශයේ දී ඔහු ගමන්කරමින් සිටි වාහනයට වෙඩි තබා තිබේ. එහි දී ඔහු සමඟ සිටි විදේශකයකු බරපතළ තුවාල ලබා තිබිණි.

    කොස්ගොඩ සුජී සහ සමන් පෙරේරා අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ආරවුලක ප්‍රතිඵලයක් නිසා බෙලිඅත්තේ ප්‍රහාරය සිදුව ඇති බව පෙනී ගොස් තිබේ.

    මේ අතර ඝාතනය වූ පස්දෙනාගේ පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු තංගල්ල රෝහලේ දී ඊයේ සවස සිදු කරන ලදී.

    රථයේ රියදුරා ලෙස කටයුතු කළ රාජපක්ෂ නමැති අයගේ බෙල්ල ප්‍රදේශයට වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාලයක් හේතුවෙන් අභ්‍යන්තර ලේ වහනය නිසා ඔහුගේ මරණය සිදුවී ඇති බවත්, සෙසු සිවු දෙනාගේ මරණ සිදුව ඇත්තේ හිසට වෙඩි වැදීමෙන් මොළයට සිදුවූ හානි හේතුවෙන් බවත්, තංගල්ල රෝහලේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.(දිනමිණ)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version