තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් පාන් ඇතුළු බේකරි න්ෂ්පාදනවල මිල ද ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර ඇත.
අද (28) පෙරවරුවේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධ මහතා සඳහන් කර ඇත.
ඊයේ (27) දිනයේ දී මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර මේ වන විටත් බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය පිරිවැය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව බේකරි හිමියන් සඳහන් කරයි.
ඒ අනුව හෙට (29) දිනයේ සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රකාශයක් සිදුකරන බවත් එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.