විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොවපුරා ආර්ථික අවපාතයක් ඇතිවෙතයි මතුවෙමින් පවතින අනුමානය හේතුකොටගෙන බොර තෙල් මිල තවදුරටත් අද (26) දිනයේ පහළ ගොස් ඇති බවයි.
ඊට හේතු වී ඇත්තේ මේ වන විට ලොව බොහෝ ආර්තිකයන්හි පොලී අනුපාතික වැඩිවීම සහ ඩොලරයේ වටිනාකම අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව ශක්තිමත් වීම නිසා බොහෝ රටටවල්වලට බොර තෙල් මිලදී ගැනීම දුෂ්කර වී තිබීම යි.
අද (26) දිනයේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.80 දක්වා පහළ ගොස් ඇත.













































