English
සිංහල
01:48 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් සිදුවන අබෞද්ධ වැඩ!. බස්නායක නිළමේවරු විගණනයටත් අල්ලස් දීලා!

    Ravana by Ravana
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    (නම්, ගම්, සාක්ෂි සහිතයි)

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හොරුන්ගේ පරාදිසයක්!

    විගණන නිලධාරින්ට බස්නායකලාගෙන් සැප!

    අල්ලස් ගත් විගණන නිලධාරීන්ගේ විමර්ශන වාර්තා යටගහලා!

    විගණන නිලධාරියා බේරාගන්න ලේක්ම්වරුන් පෝලිමේ!

    රාජ්‍ය පරිපාලන ලේකනුත් වැඩේට හවුල්!

    ශ්‍රී ලංකාව ආගමික සහ ජාතික වශයෙන්  වැදගත් සංස්කෘතියක් ලෙස පවතින්නේ විහාර සහ දේවාල සංස්කෘතිය ජාතික වශයෙන් මුල් කරගෙනය. විශේෂයෙන්ම සිංහල, දමිල, මුස්ලිම් මෙන්ම ශ්‍රී ලාංකික වෙනත් ජාතීන් අතරද බෞද්ධ ආගම අදහන විශාල පිරිසක් සිටින අතර ඔවුන්ද දේවාල සංස්කෘතිය සමග බැදී සිටී. ඒවා සමග බැඳුණු ජාතික එකාබද්ධතාවයක් ශ්‍රී ලංකාව තුල පැවතියත්, ඒවා සියල්ලම විනාශ කරන්නේ රාජ්‍ය සේවයේ ඉහලින්ම සිටින නිලධාරින්‍ ය. දෙවියන්ගේ ආශිර්වාදය ශ්‍රී ලාංකිකයන්ට නොලැබී ගොස් තිබෙන්නේ රටේ ප්‍රධානින් නොහොත් රාජ්‍ය පරිපාලන නිලධාරීන්, සමහර බෞද්ධ භික්ෂුන් මෙන්ම දේවාල භාරකරුවන් ලෙස කටයුතු කරනා බස්නායක නිලමේවරුන්ගේ ද දුෂිත ක්‍රියාකලාපයන් ය. එසේම කාලාන්තරයක් තිස්සේ මහනුවර ශ්‍රී දළදා මාලිඟාවේ භාරකරුවන් ලෙස කටයුතු කළ දියවඩන නිලමේවරුන්ද ඒවාට වග කිව යුතුය.

    එවන් පසුබිමක් නිර්මාණය වූ ශ්‍රී ලංකාවේ දුෂිත පාලකයන් නිසා රටට බොහෝ දේ අහිමිව තිබේ. දේශපාලන නායකයන්ට ඇඟිලි දික්වන්නේ එහි සැබෑ තත්වය ශ්‍රී ලාංකික ජනතාව නිසි ලෙස ඉගෙන ගෙන නැති බැවිනි. නමුත් මේ රටේ බොහෝ දුෂිත ක්‍රියකාරකම් සිදුකරන්නේ සහ ජනතාවට ගැටළු ඇතිකරනුයේ රාජ්‍ය නිලධාරින් සමග එක්ව සිටින දුෂිත පුරවැසියන් සහ රාජ්‍ය නිලධාරින්ම විසිනි. ඒ අතර අපට ලියකියවිලි සමගම තවත් දුෂණ ක්‍රියා ගණනාවක්ම වාර්තා වන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලයෙනි.

    බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක සහ විගණන අංශයේ නිලධාරීන්ගේ විසින් මෙසේ දූෂිත ක්‍රියාකලාපයන් සිදුකරනා බව අප මීට පෙරද වාර්තා කළේය. බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති ප්‍රධානම වගකීම වන්නේ, 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥාපනත ක්‍රියාත්මක කිරීමයි. ඒ වෙනුවෙන් අවශ්‍ය විධිවිධාන යෙදීම සදහා විශාල කාර්යභාරයක් මෙම දෙපාර්තමේන්තුව මගින් විය යුතු අතර, ඒවා වඩාත් පාරදෘෂ්‍ය සහ වගකීම සහගතව ඉටු කිරීම කළ යුතු වුවත් ඒවා එසේ නොවීම සමස්ත බෞද්ධ ප්‍රජාවගේම “ආගමික ලබ්දියට එරෙහිව සිදුකරනා ප්‍රහාරයකි”

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සිද්ධස්ථාන වල බස්නායක නිලමේවරු අතර පවත්නා අනිසි සහ පක්ෂග්‍රාහී සම්බන්ධතාවන් පිළිබඳව පසුගිය කාලය පුරා දිගින් දිගට ම අප විසින්ද, වෙනත් මාධ්‍ය ආයතන විසින්ද වාර්තා කරන ලදී. එහිදී  ආසන්නතම සිද්ධියක් අප පෙන්වා දි තිබුනේ, සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් දක්වන ලද අනුග්‍රහයන් භුක්ති විඳිමින් පවත්වන ලද විගණනයන් සම්බන්ධයන් ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයාට එරෙහිව එල්ල වූ චෝදනාව යි.

    2023.03.15 සිට 2023.03.19 යන දිනයන් හි බදුල්ල කතරගම දේවාලය සම්බන්ධයෙන් විගණනය කිරීම සදහා යාම පිණිස වර්ෂයේ මුල දී ම, අභ්‍යන්තර විගණක විසින් ඉදිරිපත් කරනු ලබන වාර්ෂික විගණන වැඩසටහන මගින් යෝජනා කර තිබේ. එහෙත්, එවැනි වාර්ෂික විගණන සැලැස්මක් සකස් කිරීමට අභ්‍යන්තර විගණකට බලයක් නොමැති බැව් අනාවරණය වන අතර ඔහු විසින් විගණනය කළ යුත්තේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නියම කරනු ලබන විගණනයන් පමණි.

    එහිදී එම විගණනය සඳහා ජී. චන්ද්‍රසේන මයා ( ශ්‍රී ලංකා ගණකාධිකරණ  සේවය – 1 ශ්‍රේණිය), ප්‍රධාන අභ්‍යන්තර විගණක, ජේ. පී. අරුණ ඉන්දික මයා, සංවර්ධන නිලධාරී, පී. එන්. පී. ඩී. කුමාර මයා, සංවර්ධන නිලධාරී, කේ.ජී.රංජිත්, සංවර්ධන නිලධාරී යන ඇය සහභාගිව තිබේ.

    මෙම නිලධාරීන් 2023.03.15 සිට 2023.03.19 දක්වා කාලය තුළ බදුල්ල කතරගම දේවාලයේ විගණනය සිදු කරන අතරවාරයේ දී, එම දේවාලයේ මුදලින් සුඛෝපභෝගී හෝටල්වල නතර වෙමින් ද, මත්පැන් භාවිත කරමින් ද, මස්මාංශාදිය භාවිත කරමින් ද සිදු කර ඇති සුඛ විහරණය, අදාළ විගණනයෙහි විනිවිදභාවය සහ අපක්ෂපාතීභාවය කෙරෙහි බරපතල ප්‍රශ්නයක් ඇති කර තිබෙන බවටද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

    හෝටලයේ ආගන්තුක ලේඛනය අනුව අදාළ කාමර වෙන් කරවාගෙන තිබෙන්නේ, අභ්‍යන්තර විගණන අංශයේ සේවය කරන සංවර්ධන නිලධාරී කරුණාගලගේ රංජිත් යන අයගේ නමින් වන අතර, ඔහුගේ හැදුනුම්පත් අංකය 723610170v ලෙසත්, දුරකථන අංකය 0714397021 ලෙසත් එහි ඇතුළත් කර, අත්සන් කර ඇත. (අදාළ හැදුනුම්පත් අංකය සහතික කරන, ඡන්දහිමි නාමලේඛනයේ පිටපතක් මීට අමුණා ඇත) ඊට අදාළ බිල්පත් විස්තර මෙහි ඇමුණුම් වශයෙන් එකතු කර තිබෙන අතර පහත සබැදියෙන් ඒවා බා ගත හැකිය)

    මෙහි වරදෙහි ස්වභාවය

    බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය කෙරෙහි බරපතල අගතියක් මෙවැනි කටයුතු තුළින් සිදු වන බව අමුතුවෙන් ලිවිය යුතු නමුත් , බෞද්ධ කටයුතු දෙපාර්තෙම්න්තුවට රැකීමට කිර්තියක්ද නැත. ඒ මෙවැනි ක්‍රියාවන් නිසාය.

    තමා වෙත නිල වශයන් පැවරෙන රාජකාරිය කෙරෙහි අගතිදායක වන පරිදි, මෙවැනි සංග්‍රහ ලබමින් විගණන පැවැත්වීම රාජ්‍ය නිලධාරියකුට කිසිසේත්ම උචිත නොවන තහනම් ක්‍රියාවකි. මෙහිදී එම නිලධාරින් පහත වැරදි සිදුකර තිබේ.

    01.ස්වකීය නිල රාජකාරිය කෙරෙහි අගතිදායක වන ආකාරයේ සංග්‍රහ පිළිගැනීම මගින් අල්ලස හා දූෂණය සිදු කර තිබේ.

    02. අභ්‍යනන්තර විගණන ප්‍රමිතින් සහ මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කිරීම

    03. මෙවැනි බිල්පත් වෙනත් බිල්පත් මගින් පියවා ගන්නා ලෙස දන්වා දේවාලයේ ගිණුම් වලට වංචා කිරීම සදහා බලපෑම් කිරීම නිසැකයෙන්ම සිදු කර තිබිය යුතුය. (ඒ සම්බන්ධයෙන් දේවාලයේ ගිණුම් පරික්ෂා කර සොයා ගත හැකි වනු ඇත)

    04. සිද්ධස්ථානවල ඇති මුදල් අයථා ආකාරයෙන් පරිහරණය කිරිම සහ භාරකරුවන්ගන් එවැනි අයථා ඉල්ලීම් සිදු කිරීම මඟින් බලපෑම් කිරීම

    05.සියලු පහසුකම් දේවාලයෙන් ලබාගෙන, ඊට අදාළව බටා දීමනාව ද ලබාගනිමින් රාජ්‍ය මුදල් සදහා ද වංචා කිරීම.

    06.බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පවරන ලද වගකීම නිසි පරිදි ඉටු නොකිරීම මගින්  දෙපාර්තමේන්තුව ම නොමග යැවීම හේතුවෙන් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.

    07. විගණකාධිපති වෙත ද වග කියනු ලබන නිලධාරියෙකු වශයෙන් විගණකාධිපතිවරයාගේ ගෞරවය කෙළෙසීම සහ විගණන පනත උල්ලංඝනය කිරීම

    හොරු රකින  බෞද්ධ කටයුතු කොමසාරිස්ලා

    දීප ව්‍යාප්ත  සේවාවන් වලට අයත් නිලධාරීන් සම්බන්ධයෙන් රජයේ ස්ථාන මාරු ප්‍රතිපත්තිය වන්නේ වසර පහක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුව වෙනත් ස්ථානයක් වෙත ස්ථාන මාරු ලබා දීම වුවත්, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව රජයේ ප්‍රතිපත්තියට යටත් නොවන ආයතනයක් බවට පත්ව තිබේ. විහාර දේවාලගම් අංශයේ කොමසාරිස් වශයෙන් වසර 12ක් එකම සේවා ස්ථානයක කටයුතු කළ සහන් කුරුප්පු , 2023 වස රේ දී ස්ථාන මාරු  කරවන ලද්දේ විෂය භාර අමාත්‍ය  විදුර වික්‍රමනායක මහතාගේ දැඩි නියෝග හේතුවෙනි, තවද, බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරින් ලෙස කටයුතු කරන 150 ක් පමණ සේවකයන් පිරිසක් අවුරුදු 15 ක් පමණ කිසිදු ස්ථාන මාරැවක් නොලබා මෙම දෙපාර්තමේන්තුවේම සේවය කරන බවත්, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේද එවැනිම රාජ්‍ය සේවකයන් සිටින බවත් අප පුර්වයේම පෙන්වා දි තිබේ. එසේම සහන කුරුප්පු නින්දගම් ජනතාවගේ කිසිදු ප්‍රශ්නයක් විසඳීමට කටයුතු නොකළ අන්ත දුෂිත රාජ්‍ය නිලධාරියෙක් බව අප මීට පෙරද වාර්තා කර තිබේ.

    ඊට අමතරව මෙම  දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක වශයෙන් කටයුතු කරන ගීගනගේ චන්ද්‍රසේන නමැති අයද කිසිදු ස්ථාන මාරුවක් නොලැබ  බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ කාගේ  බලයකින් ද යන්න බරපතල  ගැටලූවක් වී තිබෙන බවද අප මීට පෙරද වාර්තා කළේය. මෙම නිලධාරියාට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය  මගින් 2024 වර්ෂය සදහා  ස්ථාන මාරු ලබා දී තිබූ නමුත් , දූෂිත බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් සෝමරත්න  විදාන පතිරණ විසින් සිය  අතිජාත මිත්‍රයා වූ රාජ්‍ය පරිපාලන ලේකම් මගින් එම ස්ථාන මාරුව අවලංගු  කරදී ඇත. ඒ අනුව ජයග්‍රාහී නව වැනි වසරටත් ප්‍රධාන  අභ්‍යන්තර විගණක නිලධාරියා  බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබයි. රාජ්‍ය පරිපාලන ලේකම් පිළිබඳවද අප පසුගිය සතියේ වාර්තා කළේය.

    බෞද්ධ කටයුතු  දෙපාර්තමේන්තුව දුෂිත ආයතනයක් බවට පත්ව ඇත්තේ රජයේ ස්ථාන මාරු ප්‍රතිපත්තියට , යටත් නොවී  එකම නිලධාරී කණ්ඩායමක් දිගු කාලයක් සේවය කරන නිසා බව ඉහළ තනතුරක් දරන එක්තරා ස්වාමීන්  වහන්සේ නමක් අප සමග  ප්‍රකාශ කරන ලදී. විශේෂයෙන්ම සිද්ධස්ථාන වල විගණනය යනු  දේවාල හෝ පන්සල් වල සිදු වන දුෂණ සහ අක්‍රමිකතා  අනාවරණය කරගෙන ඒවාට නීතිමය පිළියම් යොදන  ප්‍රධාන මෙවලමයි. එයද දියවඩන නිලමේවරුන් සහ බස්නායක නිලමේවරුන් විසින් කුලිට ගෙන තිබේ.

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විගණන අංශය යනු හොරුන්ගෙන් කා බී හොරුන් ආරක්ෂා කරන ගුබ්බෑයමක් බවට පත්ව  ඇත්තේ හිටපු කොමසාරිස්  ජනරාල්වරුන්ගේත් වර්තමාන කොමසාරිස් ජනරාල්ගේත් බුද්ධශාසන අමාත්‍යාංශයේ  ලේකම්ගේත්  පූර්ණ ආශීර්වාදය ලබමිනි. එය එසේ නොවේ නම් මහජන පැමිණිලි මෙන්ම අනෙකුත් මාධ්‍ය වාර්තාවලට එරෙහිව නිසි විමර්ශන පැවැත්විය යුතුය. සමහර බස්නායක නිලමේවරුන් මෙන්ම සමහර දේවාල මෙන්ම විහාරස්ථාන භාරකරුවන් විසින් මෙම දුෂිත නිලධාරීන්ට මාසිකව ගෙවීමක්ද කරන්නේ ඔවුන්ගේ වැරදි වලින් බේරීම උදෙසාය.

    මෙම විගණන නිලධාරීන්  විසින් 2023 මැයි මාසයේදී සොරගුණේ දේවාලයේ විගණනය සදහා යැයි කියමින් ගොස් මිත්පැන් සාද පවත්වා කරන ලද විනය විරෝධී කටයුත්ත පිළිබදව අප බුද්ධ ශාසන අමාත්‍යාංශය දැනුවත් කළත් ඔවුන් නිදොස් කර නිදහස් කරන්නට අමාත්‍යාශයේ ඊනියා පරීක්ෂක මණ්ඩලය කටයුතු කර ඇත.

    එසේ තිබියදී 2023 මාර්තු  මාසයේ දී බදුල්ලේ කතරගම  දේවාලයේ විගණනයක් සිදු කිරීමට ගොස් එම දේවාලයේ බස්නායක නිලමේ රංජිත් දිසානායක මහතා වෙත බලපෑමි කරමින් දින තුනකදී ර රුපියල් එක්ලක්ෂ පනස්  දහසක කෑම බිම සහ මත්පැන් බුක්ති විදි සිද්ධියක් පිළිබදව 2023 සැප්තැම්බර් මාසයේ 11 වැනි දින ඛණ්ඩාරවෙල පදිංවී නීතිවේදී එස්. ජයලත් මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 15 දෙනකු වෙත  පිටපත්  සහිත නාමික පෙත්සමක් ද ඉදිරිපත් කර ඇත.

    එහි  පිටපතක්  බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්  වෙත ද යොමු කර තිබූ  අතර ඒ සම්බන්ධයෙන් එවක බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්  කීර්ති සිරිබද්දන විසින් පත් කරන ලද කමිටුවක් මගින් පරීක්ෂණයක් පවත්වා ඇත. 2023 සැප්තැම්බර් 12 වැනි දින බෞද්ධ කටයුතු කොමසාරිස්(මහනුවර), පරිපාලන නිලධාරී ගුරුගේ සහ ප්‍රධාන  කළමනාකරණ  නිලධාරී  ශිරෝමාලා යන  තිදෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව පත්  කරන ලද කමිටුව  විසින් බදුල්ලේදී  එහි විමර්ශන  කටයුතු සිදු කර ඊට  අදාළ වාර්තාව 2023 සැප්තැම්බර් 19 වැනි දින  බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්  වරයා වෙත ඉදිරිපත් කර ඇත.

    එම වාර්තාවේ  පිටපත් බුද්ධශාසන ආමාත්‍යංශයේ ලේකම්වරයා, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ  ජනරාල්වරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ  ලෝකම්වරයා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා, අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිෂන්  සභාව   යන අයතන වෙත යොමු කර ඇත. එම පැමිණිල්ලේ සඳහන් කරුණු සම්බන්ධයෙන් එම කමිටුව විසින් සිදු කරන ලද පරීක්ෂණ වාර්තාව අනුව එම විගණනය සඳහා සහභාගී වූ ගීගනගේ චන්ද්‍රසේන, කේ. රංජිත්, ඒ. ඉන්දික සහ සී. කුමාර යන රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් ලේකම් වෙතින් ඉල්ලා ඇත.

    එසේ වුවත් “වැටයි නියරයි ගොයම් කා නම් කාට පවසනන්ද ඒ අමාරුව” ලෙසින් සිය අතිජාත මිත්‍ර ගීගනගේ චන්ද්‍රසේන ආරක්ෂා කිරීමට අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ කටයුතු කර තිබේ.

    ඉහත දූෂණයට සම්බන්ධ වූ නිලධාරීන් වහාම ස්ථාන මාරු කර විනය පරීක්ෂණ පවත්වන ලෙස ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් 2023 ඔක්තෝබර් 4 වැනි දා ලබා දුන් නියෝගය බුද්ධ ශාසන ලේකම්ගේ බලපෑම මත  අකුලා ගැනීමට ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්ට සිදු විය. එසේ වුවත් දූෂණ වලට එරෙහි නිලධාරියෙකු වන ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජරාල් විසින් එම නිලධාරීන් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ මාර්ගෝපදේශ අනුව පරික්ෂණයක් පවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වෙත 2023 ඔක්තෝබර් 27 වැනි දා දක්වා ඇත.

    ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්  ජනරාල් විසින් මූලික පරික්ෂණයක් සදහා නිලධාරියකු පත් කරන ලද අතර, ඔහු විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සකස් කරන ලද මූලික පරීක්ෂණ වාර්තාව 2024 ජනවාර් 20 හෝ ආසන්න දිනයකදී   ලබා දී ඇති තිබෙන බව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.

    හිටපු කොමසාරිස් ජනරාල් සිරිවර්ධන මහතාගෙන් පසුව  2024 ජනවාරි මාසයේ පත් වූ අභිනව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්  ආර්. එම්. රත්නායක මහතා කීර්තිමත්  රාජ්‍ය නිලධාරියෙකු වන නමුත් ඔහුටද  බලපෑම් කිරීමට  ගීගනගේ චන්ද්‍රසේන දැනටමත්  කටයුතු කරන බවට දැන ගන්නට ලැබී ඇත. තනතුරට   පත් වන්නට පෙර දිනයක රත්නායක මහතාව දේවාල ගානේ  වන්දනාවක රැගෙන යන්නට ගීගනගේ චන්ද්‍රසේන කටයුතු කර ඇත. එමෙන්ම දළදා මාලිගාවේ දියවඩන නිලමේවද මුණ ගස්වා ඇති බවට ඇසින් දුටු සක්ෂි ඇත.

    රත්නායක මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තනතුරට පත්  කරවීම පසුපස ගීගනගේ චංද්‍රසේන නම් දුෂිත රාජ්‍ය සේවකයා සිටින අතර එහි අරමුණ වන්නේ තව  අවුරුදු දෙක තුනකින්  විශ්‍රාම  යන තමාට  විරුද්ධව  පවතින  ප්‍රබල අල්ලස් චෝදනාව යටපත් කර ගැනීමය. ඒ වෙනුවෙන් බුද්ධ ශාසන  ලේකම්ද  ප්‍රබල ලෙස උපකාර කරන බවද පෙන්වා දෙයි.

    අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් සිදු කරන විමර්ශනය  සදහා  සාක්ෂි  දීමට කැඳවා තිබූ  බෞද්ධකටයුතු සහකාර කොමසාරිස් තිවංක  සෙනෙවිපාල විසින්ද සිය රාජකාරී සගයන් ආරක්ෂා වන ආකාරයේ ප්‍රකාශයක් දීමට කටයුතු කර ඇත. නමුත් එකී රාජකාරී ගමනට සහභාගී  වූ රියදුරන්ගෙන් ලබා ගෙන ඇති කට උත්තරයකින් සහ බස්නායක  නිලමේගේ කට උත්තරයකින් සියලු කාරණා කහවුරු කරගෙන ඇති බව  විශ්වසනීය ආරංචි  මාර්ග සඳහන් කරයි.

    මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තාව අවස්ථා දෙකකදී තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තිබෙන  නමුත් එය ලබා දීම තොරතුරු නිලදාරී විසින් ප්‍රතික්ෂේප කරන තිබෙන්නේ කිසිදු පැහැදිලි හේතුවක් සඳහන් නොකරමිනි.

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සිදුවන මෙම දූෂිත ගණුදෙනු පිළිබඳව දිගින් දිගටම හෙලිදරව් කරන්නේ මෙම දූෂිත නිලධාරින් සිටින තාක් කල් මෙම දෙපාර්තමේන්තුවත් විහාරස්ථාන හා දේවාලත් ආරක්ෂා කරගන්නට නොලැබෙන නිසාය. මේ වන විටත් එම ස්ථාන විශාල වශයෙන් විනාශ වී තිබේ.

    මූලික විමර්ශන වාර්තාව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් හමස් පෙට්ටියේ දමාගෙන තවදුරටත් සිටියොත් සිදු වන්නේ සුනන්ද කාරියප්පෙරුමට අත් වූ ඉරණම ම විය හැකිය. එසේම සුනන්ධ කාරියප්පෙරුමට ද විශ්‍රාම ගියත් තමන් කල වැරදි වැඩවලට වගකිව යුතුව තිබේ. ඒවා ඉදිරියේදී නිසි ලෙස විභාගවනු ඇත.

     අදාළ වාර්තාව තවමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ලැබී නොමැති බවද වාර්තාවන අතර  මූළ්‍ය චෝදනා හා දේවාලගම් පනත උල්ලංඝණය කළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද කෙසේද යන්න පිළිබඳව අප නිරන්තරයෙන් අවධානයෙන් සිටින්නෙමු. විශ්‍රාම ගියත් කුමන හෝ අවස්තාවක ඒවාට පිළිතුරු ලබා දීමට ඔවුන්ට සිදුවනු ඇත.

    කෙසේ නමුත් වාර්තාවලට අනුව, ඊට ආදාළ, සාක්ෂි ක්ෂණිකව වෙනස් කිරිම්වලට ලක් කර තිබෙන බවද අනාවරණය වෙයි. කෙසේ නමුත්, 2023,03, 15 දින සිට 2023.03.19 යන දිනයන්හි පවත්වන ලද බදුල්ල කතරගම දේවාලයට අදාළ විගණනය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි රැසක් අනාවරණය වී තිබේ.

    ඒ අනුව අදාළ සිදුවීමේ දී උල්ලංඝනය වී ඇති නීතිමය ප්‍රතිපාදනයන් මෙසේ ය.

    (අ)        1954 අංක 11 (26 අධිකාරය) වන අල්ලස් පනතේ,

    19(ආ) වගන්තිය

    19 (ඇ) වගන්තිය

    (ආ)      1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනතේ,

    25 වගන්තිය

    38 වගන්තිය

    (ඈ)      ආයතන සංග්‍රහය – 2 කාණ්ඩය XLVII පරිච්ඡේදය

    1.3 අදාළ රාජකාරීමය උපදෙස් තේරුම් ගැනීම හා පිළිපැදීම 1.4 සිය තනතුරේ සහ සේවයේ හොද නම් රැකීම

    1.5 පෞද්ගලික කටයුතු සමග ගැටීම්

    තෑගිබෝග හෝ තුටුපඬුරු /සේවා/ලාබ ප්‍රයෝජන ලබාගැනීම

     8.1 රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කිරීම

    ආයතන සංග්‍රහය – 2 කාණ්ඩය XLVIII පරිච්ඡේදය

    31.1.10 රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරීම

    ආයතන සංග්‍රහය – 2 කාණ්ඩය – පළමු උපලේඛනය

    01 අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් වැරදි සිදු කිරීම

    10 රාජ්‍ය සේවය අපකීර්තියට පත් වන අයුරින් කටයුතු කිරීම

    15 දෙපාර්තමේන්තු චක්‍රලේඛ සහ උපදෙස් සංග්‍රහවල විධිවිධාන හිතාමතා නොසලකා හැරීම හෝ අනවධානයෙන් කටයුතු කිරීම

    (ඈ) කළමනාකරණ විගණන චක්‍රලේඛ අංක ඩීඑම්ඒ/2009(13)

    1 පරිශිෂ්ඨය – ඒකාග්‍රතාව, විෂයබද්ධ බව

    1 පරිශිෂ්ඨය – පැවැත්ම පිළිබද රීති 1 සහ 2

    2 පරිශිෂ්ඨය – රාජ්‍ය ආයතන සදහා විගණන ප්‍රමිතීන්

     1100 – විගණනයේ ස්වාධීනභාවය

     1110 – ආයතනයේ ස්වාධීනභාවය

     1120 – පෞද්ගලික විෂයගත බව

    ඒ අනුව මෙම චෝදනා ඔප්පුකිරීම වෙනුවෙන් පහත සඳහන් ලේඛන අප වෙත ලැබී තිබේ.

    01.බදුල්ල, රිවර්සයිඩ් හෝටලයේ බිල්පත් (3181, 3180, 4590, 4580, 57133, 57080, 57028, 56985)

    02. හෝටල් කාමර වෙන් කරවා ගැනීමට අදාළ හෝටල් වාර්තාව

     03. කාමර වෙන් කරවාගෙන තිබෙන තැනැත්තාගේ ජාතික හැදුනුම්පත් අංක 723610170v දරණ තැනැත්තාගේ විස්තර

    04.අදාළ කාමරයන් හි රාත්‍රිය ගත කළ තැනැත්තන්ගේ නාම ලේඛනය

    05. අල්ලස් පනතේ අදාළ විධිවිධාන

    06.විගණන කළමනාකරණ දෙපාර්තමේන්තුවේ විගණන ප්‍රමිතීන්, මූලධර්ම සහ රීතීන්

    07. ආයතන සංග්‍රහයේ අදාළ විධිවිධාන

    08. සිදු කරන ලද විගණනයට අදාළ විගණන වාර්තාව

    අවංක දේශපාලකයෙකු ලෙස හොද නමක් දිනා ගෙන සිටින විදුර වික්‍රමනායක ඇමතිතුමනි, ඔබේ සෙවණේ සිටින හොරුන් පළවා හැර ඔබේ කීර්ති නාමය තවත් කාලයක් ආරක්ෂා කර ගන්න. ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.

    (පුවතින් අගතියට පත් පාර්ශ්වයක් සිටි නම් තොරතුරු ලබා දි නිවැරදි කරගන්න)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version