භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
ගෝලීය වසංගතයේ බලපෑමත් සමග විදේශ විනිමය හිඟය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා තාවකාලික තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රජය පසුගිය සැප්තැම්බර් මාසයේ පියවර ගනු ලැබීය.
අදාළ තහනම හේතුවෙන් යුරෝපා නිෂ්පාදන රැසකට වෙළෙඳපොළ ට ඇතුළුවීම වැළකී ගොස් ඇති බවයි එම සංගමය පෙන්වා දී තිබේ.
යුරෝපා සංගමයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර පසුගියදා පැවැති ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමකදී එම ඉල්ලීම සිදුකර තිබේ.
කෙසේ වුවද , යුරෝපා සංගමය කුමක් සදහන් කලද , රට තුල පවතින ඩොලර් හිඟය හේතුවෙන් ආනයනික සීමා ඉවත්කිරීමෙන් තවත් ගැටළු වලට මුහුණ දීමටද සිදු විය හැකිය. එසේම ආනයනික භාණ්ඩ වල මිලද විශාල ලෙස ඉහල ගොස් තිබේ.















































