පාරිභෝගික භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකරන සෑම වෙළෙඳසැලකටම එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අධ්‍යක්ෂකවරයා මේ බව ප්‍රකාශ කළේ දඹුල්ල ප්‍රදේශයේ පෙරේදා (23) වෙළෙඳසැල් කිහිපයක මිල ප්‍රදර්ශනය කිරීම පිළිබඳව සොයාබැලීමේ අවස්ථාවකට එක්වෙමිනි.
මෙම මිල ප්‍රදර්ශනය කිරීමේ නීතිය තොග වෙළෙඳසැල්, සිල්ලර වෙළෙඳසැල්, ආපනශාලා සහ අනෙකුත් සෑම පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන ස්ථානයකම ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වන අතර එසේ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස සමස්ත පාරිභෝගික ජනතාවගෙන් තමන් ඉල්ලීමක් කරන බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.
මෙම නීතිය ක්‍රියාත්මක නොකරන වෙළෙඳසැල් හිමියන් සඳහා මාස හයක සිර දඬුවම් නියම කළ හැකි බවද අධ්‍යක්ෂවරයා එහිදී සඳහන් කර තිබේ.
එමෙන්ම මෙහිදී වෙළෙඳසැලක් සඳහා පැමිණ සිටි පාරිභෝගිකයෙකු අධ්‍යක්ෂවරයාට දැඩි ලෙස කියා සිටියේ පාරිභෝගික අධිකාරියේ කටයුතුවල විශ්වාසයක් ජනතාවට නොමැති බවයි.
එමෙන්ම බිත්තර සඳහා පාලන මිලක් ලබා දී තිබුණද එම මිලට බිත්තර තිබේ දැයි ඔහු ප්‍රශ්න කර තිබේ.
එහිදී අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරින් ඊට කිසිදු පිළිතුරක් ලබා නොදී එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ බව සදහන්.