තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් භූගතව ඉතාමත්ම සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් සොයාගෙන ඇති අතර එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් පහළොවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් නිල සුනඛ අංශයේ සහය ද ඇතිව ප්‍රදේශයේ නිවාස,ඉඩම්,කැලෑ බද ස්ථාන සහ රථ වාහන මෙහිදී පරික්ෂාවට ලක්කරමින් මෙහෙයුම සිදුකර තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන් .