ඉන්දියාවේ හිමාල කදු වැටිය ආශ්‍රිතව නොබෝ දිනකින් භූමි කම්පා තත්ත්වයක් ඇති විය හැකි බවත් ඉන් උතුරු ඉන්දියානු ප්‍රදේශවලට දැඩි හානි සිදු විය හැකි බවත් ඉන් දේපළ හා ජීවිත හානි වැඩි වශයෙන් සිදු විය හැකි බවත් එරට කාලගුණ විද්‍යා බලධාරීන් අවධාරණය කර ඇති බව වාර්තා වේ.
එම භූ කම්පන තත්ත්වය රික්ටර් මාපාංක 8 ක ප්‍රබලත්වයෙන් ඇති විය හැකි බව ඔවුන් සදහන් කර ඇති බව කියයි.
මෙම භූ කම්පන තත්ත්වය ඇති වුවහොත් තරමක හෝ බලපෑමක් ශ්‍රී ලංකාවටද ඇති විය හැකි බව ඔවුන් ප්‍රකාශ කරයි.















































