මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වටිනා ආදර්ශවත් පුවතක් වාර්තා විය.
ඒ යුග දිවියට එළඹීමට සිටි යුවළක් සිය මංගල උත්සවය අවලංගු කර එම මුදලින් ජනතාවට වියළි සලාක ලබා දුන් පුවතකි.
මෙම කටයුත්ත සිදු කර ඇත්තේ දැනට ජර්මනියේ පදංචිව සිටින තරුණයෙකු සහ ඔහුගේ බිරිඳ විසිනි.
රටට ම ඉතාමත් අපහසු කාලසීමාවක් වන මෙම කාලයේ මොවුන් කළ මෙම ක්‍රියාව අගය කළ යුතු වගේම සමස්ත ලෝකයටම විශාල ආදර්ශයකි.