English
සිංහල
19:00 සඳුදා, ජූනි 15, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මගේ ළඟ ආචාර්ය උපාධි දරන්නන් පවා වැඩ. ඩඩ්ලි කට අරී

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඊයේ සහ අද (14,15) දෙදිනම සමාජ මාධ්‍ය තුල කථා වුයේ ඩඩ්ලි සිරිසේන මහතාට කැළණියේදී සිදු වු සිදු වීමය. එම සිදු වීම පිළිබඳව විද්‍යාත්මක ලිපියක් අප අද පලකලේය. රටේ සහ ලෝකයේ සැබෑ තත්වයන් අප එයින් පෙන්වා දී තිබේ. ඒ අතර මීට සුළු මොහොතකට පෙර ඊයේ සිදුවීමත්, අද සමාජ මාධ්‍ය තුල සිදු වු දැඩි කථා බහත් පිළිබඳව ඔහු තම මුහුණු පොතේ නැවතත් සටහනක් තබා තිබේ.

    එම සටහන එක් පැත්තකින් උත්සාහවන්තයෙකුගේ නොපසුබටකැප කිරීම පෙන්නුම් කරයි. දියුණු වු සියල්ලෝම කැපකිරීම් කරති. එම කැපකිරීම් හොඳ හෝ නරකද විය හැක. එම සටහන තුල තමන්ගේ වර්තමාන තත්වයද පෙන්වා තිබේ. එසේම දුක් මහන්සියෙන් මුදල් එකතු කරගත් පුද්ගලයන් පවා පව්කාරයන් ලෙස සිතීම වෙනස් කිරීම උගතුන් විසින් සිදුකල යුතු බවද ඔහු පෙන්වා දෙයි. එසේම රටේ ඉන්න ළිං මැඬියන් ට ඔහු කරන කැප කිරීම නොදන්නා බවද ඔහු පෙන්වා දෙයි.

    2024 ජනවාරි මස 14 දින කැළණිය විශ්ව විද්‍යාලයේදී ,ඩඩ්ලි සිරිසේන මහතාට , විශ්ව විද්‍යාල සිසුන් විසින් විරෝදය එල්ල කල අවස්ථාව.

    කෙසේ නමුත් ඔහු ඊයේ සිදුවීම පිළිබඳව අද උදෑසන පලකර තිබු පළකිරීම ඉතා විශිෂ්ඨ සටහනක් වන නමුත් මෙම සටහනේ ගත යුතුව තිබෙන වටිනාම දේ වන්නේ ඔහුගේ කටුක ගමන් මග සහ ඔහු රටට කරන සේවය පමණි. අනෙකුත් සටහන් වලින් ඔහුගේ ආවේගය හෝ කණගාටුව පෙන්ව⁣ා තිබේ. ඩඩ්ලි යනු ගේමට ගේම ගැසිය හැකි කොන්දක් ඇති මිනිසෙකි. ඔහුට කොන්දක් නොතිබුණේ නම් මෙවැනි ගමනක් පැමිණිය නොහැක. නමුත් ඩඩ්ලි මෙම සටහන පල නොකර, මෙම කථාවේ ගත යුතු සියල්ල ඉතාම විශිෂ්ඨ ලෙස සමාජ ගත කිරීමට තිබුණි. ඒ ඔහුගේ ගමන් මගේ ගත යුතු යුතු බොහෝ දේ , සමාජයට දිය යුතුව තිබෙන බැවිනි. කල යුතුව තිබුණේ එයයි.

    ඔහුගේ දෙවැනි සටහන පහතින් කියවන්න

    “සමාජ මාධ්‍ය හැමතැනකම පාහේ කතාබහවන්නේ ඩඩ්ලිට පාඩම් ඉගැන්වූ විශ්ව විද්‍යාල සිසුන් කිහිපදෙනෙකුගේ කතා වස්තුව ගැනය. මෙම සිදුවීම වන විටත් ඒ හා සමගාමීව ඔවුන් විසින් සැළසුම්සහගතව ෆේස්බුක් සජීවී විකාශයක් උඩුගත කිරීම ආරම්භ කළ තිබුණේය. තවද මේ හරහා බොහෝ රැඩිකල් කාඩර්වරු එයට හුරේ දැමීමද ආරම්භ කර තිබූ පසුබිමක අප විසින් හුදු සංසිද්ධියම නොසළකා හැරීම බොහෝ දෙනෙකුට ප්‍රශ්ණයක් වී තිබුණේය.

    මා ව්‍යාපාරිකයෙකු වශයෙන් වෙළඳාමට අත්පොත් තැබුවේ අසූවේ දශකයේ මැද භාගයේය. ඊට පෙරාතුව වයස දහසයේදී මා නිවසෙන් හොරෙන්ම නික්ම ගොස් අනුරාධපුර මහින්දසෝම මහතාට අයත් ගරාජයක අත්උදව්කරුවෙකු වශයෙන් සහ ලොරි ක්ලීනර්වරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී තාත්තා විසින් නැවත මා සොයාගෙන විත් උසස් අධ්‍යාපනය වෙත යොමු කළ හැටි මා බොහෝ තැන් වල ප්‍රකාශ කර ඇත්තේය.

    උසස් අධ්‍යාපනය අවසානයේ කාර්මික පාඨමාලාව සම්පූර්ණ කළ නිළධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ මා එහි Leading Aircraftman කෙනෙකු ලෙස සේවය නිම කිරීමෙන් අනතුරුව එළවලු තොග වෙළඳාම, රෙදිපිළි ආනයනය, ගොඩනැඟිලි සහ පාරවල් කොන්ත්‍රාත් ඇතුලු ව්‍යාපාර වලින් ස්වෝත්සාහීව ආරම්භ කළ ගමන්මඟ අද වන විට ව්‍යවසායකයෙකු දක්වා පුලුල් කරගත්තේ අරලිය සහල් නිෂ්පාදනාගාරය හරහාය. එම ව්‍යපාරයද මා ආරම්භ කළේ කිලෝ 65 වී මිටියකින්ය. ඉන් අනතුරුව අතරැඳි ලක්ෂ දෙකක මුදලක් හා බිරිඳගේ කනකර උගස් කර ලබාගත් මුදලක් එකතු කර ලබාගත් ලීසින් එකකින් මිලට ගත් ලොරියකින් එම ව්‍යාපාරය පුලුල් කළේය. එම ලොරියේ ගෝලයාද, වී කිරන්නාද, පටවන්නාද තනි මා පමණක්ම විය. මේ ව්‍යාපාර මා විසින් ගොඩනැඟුවේ එලෙසින් දුක්මහන්සි වීමෙන්ය.

    අද වන විට මාගේ ව්‍යාපාර වපසරිය අති සුඛෝපභෝගී හෝටල් පහක් ඇතුලුව තරු පන්තියේ කාමර දහසකින්ද, ලෝකයේ විශාලතම සහල් සයිලෝ සපිරි සහල් නිෂ්පාදනාගාරයකින්ද, ලෝකයේ ඉහළම තාක්ෂණය යොදා නිෂ්පාදනය කරන බිත්තර වී කර්මාන්තශාලාවකින්ද, ලෝකයේ ඉහළම තාක්ෂණය යොදා නිර්මාණය කරන ලද පොහොර කර්මාන්තශාලාවකින්ද, අතිනවීන non-wowen බෑග් නිෂ්පාදනාගාරයක් ඇතුලු අමුද්‍රව්‍ය සපිරි කර්මාන්තශාලාවකින්ද, ලංකාව තුළ ඇති විශාලතම ඉන්ටර්ලොක් ගල් ව්‍යාපාරයක් සහ දේපළ වෙළඳාම් ඇතුලු එකිනෙකට වෙනස් ක්ශේත්‍ර 20 කට අයත් ව්‍යාපාර රැසක් දක්වා ප්‍රසාරණය වී අවසානය.

    මාගේ ව්‍යාපාර හරහා රට තුළ නිර්මාණය වී ඇති සෘජු හා වක්‍ර රැකියා ගණන ලක්ෂයකට වැඩි වී ඇති මිසෙක, අඩු වී නැත. එයිනුත් එක්දහස් පන්සියයකට ආසන්න රැකියා වල නිරත වන්නේ රජයේ පිළිගත් විශ්ව විද්‍යාල වලින් උපාධිය සම්පූර්ණ කළ විද්‍යාර්ථීන්‍ ය. එය ආචාර්‍ය උපාධි දරන්නන්ගේ සිට Chartered Accountant ලා ඇතුලුව පුලුල් පරාසයක් දක්වා පැතිරී ගිය ජාලයක්ය. තවද Araliya Management Service නැමති ආයතනය හරහා අප විසින් බඳවා ගනු ලබන නවක විද්‍යාර්ථීන් තමන්ගේ පුහුණු පාඨමාලා පවා සම්පූර්ණ කරන්නේ අප ආයතන හරහා වීමද විශේෂය. පටු දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන් කැළණිය විදු බිමේදී මා ප්‍රශ්ණ කළ නවක උපාධි අපේක්ෂක ශිෂ්‍යයන් කිහිපදෙනා නොදනා කාරණය එයය.

    බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෝ අසාන් ගැන කියවා ඇත. අසාන් යනු බයිසිකලයක හාල් කවරයක් බැදගෙන වෙළඳාමේ ගිය උතුරට නෑකම් කියන සාමාන්‍ය කොරියානුවෙක්ය. කොරියාව ඔහුට අවස්ථා ලබාදුන් අතර අසාන් එම අවස්ථා ලබාගත්තේය. අද ලොවක් දන්නා Hyundai සමාගම අසාන්ගේය. අපේ රටේ අයට මේවා අවස්ථා ලෙස නොපෙනෙන්නේය. යම් ප්‍රාග්ධනයක් එකතු කරගෙන ඇති අය ධනපතියන් ලෙස වර්ගකර විවේචනය කිරීම හැර වෙනත් පිලිතුරක් අපේ රටේ ළිං මැඩියන්ට නැත. මා කළේ දශක තුනක් පුරාවටම මා විසින් රැස්කරගත් ප්‍රාග්ධනය රට තුළම ආයෝජනය කර රැකියා ලක්ෂ ගණනක් බිහිකිරීම පමණක් බව කිසිදිනෙක ඔවුන්ට නොවැටහෙනු ඇත.

    විප්ලවකාරී දේශපාලන දර්ශනයට බෞද්ධ අල්පේච්ච තාව එකතුවී ප්‍රාග්ධනය පවක් ලෙස සමාජගත කර ඇත. එහෙත් අද වන විට අනුර කුමාර දිසානායක වැනි වාමාංශික නායකයින් පවා ප්‍රාග්ධන හිමියන් රටකය අවැසි යැයි කියමින් තම ස්වකීය මතවාදය සුපෝෂණය කිරීමට තරම් සම්ප්‍රධායික රාමු බිඳගෙන ඇත. තවදුරටත් රටේ ප්‍රාග්ධන හිමියෝ හොරු නොවන අතර ප්‍රාග්ධන හිමියන්ගේ වත්කම් දෙස අවඥාවෙන් බැලීම පවා රටකට කරන අවැඩක් ලෙස උගත් ප්‍රජාව සමාජගතකළ යුතු කාලය එළඹ ඇත. මන්ද රටක දරිද්‍රතා දර්ශකය ඉහළ යන්නේ එසේ වූ විටය.

    එහෙයින් නොහැදියාව ප්‍රදර්ශනය කිරීම වෙනුවට එම
    සිසුන් පිරිස කළ යුතුව තිබුණේ මා දේශනයකට සුදුසු නැති බව විෂයානුබද්ධව ඔප්පු කිරීම පමණය. එය කළ යුතුව තිබුණේ අදාළ දේශන ශාලාවේදීය. එහෙත් මා එම දේශනය විද්‍යාර්ථයින් සියයකට ආසන්න පිටිසක් ඉදිරියේ දෙපැයක් පුරාවට කිසිඳු බාධාවකින් තොරව සාර්ථකව සිදුකළේය. එහෙයින් දරුවනි, සාර්ථක වූයේ මා මිස ඔබ නොවේය. ඔබට ලැබුණේ මාධ්‍ය අවධානය පමණය. මට ඇති එකම දුක මා සතු පෞද්ගලික ධනය සහ මා සතු වටිනා කාලය මිඩංගු කරමින් සිදුකළා වූ සමාජ සත්කාරය ගැන වැරදි අවබෝධයක් රටේ ජනතාවගේ මනසට යාම පමණය.

    එහෙත් විශිෂ්ඨයෙකු ලෙස ව්‍යාපාරික ගමන ආරම්භ නොකළද රටට වැඩදායි ව්‍යවසායකයන් පිරිසක් නිර්මාණය කිරීමට දායකත්වය ලබා දී ශ්‍රේෂ්ඨයෙකු ලෙස මියයාම මාගේ අරමුණය. එහෙයින්, සිදුවූ කිසිම සිදුවීමක් නිසා හෝ ඔබ වැනි සිසුනට මඟ පෑදීම වෙනුවෙන් මා ඉදිරියට තැබූ පය කිසිදිනෙක නැවත ආපස්සට නොගනු ඇත“.

    අප පලකල ලිපිය

    ඩඩ්ලි නොදුටු තාරුණ්‍ය, දුෂිත වෙළදාම සහ ඉතිහාසයට ගිය කතාවක්.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version