මහනුවර අලවතුගොඩ වෙලේකඩේ පදිංචි 26 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් අසළ මඩ වගුරක තිබී සොයා ගෙන ඇත.
මිය ගිය කාන්තාවගේ සැමියා පෙර දින අවමංගල්‍ය අවස්ථාවකට සහභාගී වී සිට ඇති අතර නැවත ඔහු නිවසට පැමිණෙන විට තම බිරිද නිවසේ නොසිටීම නිසා ඒ බව කාන්තාවගේ ඥාතීන් හට දන්වා ඇත. අනතුරුව ඥාතීන් විසින් මේ සම්බන්ධව පොලීසියට පැමිණිලි කර ඇති අතර පොලීසිය විසින් මෙම කාන්තාවගේ මළ සිරුර මඩ වගුරක තිබී සොයා ගෙන ඇත.














































