කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු කළුතර කලමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මත්කරල් 1010ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ,කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
එම මත්කරල් රුපියල් 150කට ලබා දී ඇති අතර, එම කරල් රෝගීන්ට ලබා දෙන ඖෂධයක් බවට සෞඛ්‍ය අංශ සදහන් කර තිබේ.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.