අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහිව සිටින පොලිස් නිලධාරීන් හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පොලිස් ස්ථාන වල එවැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට සැකකරන නිලධාරීන් සම්බන්ධයෙන් අවදානය යොමුකර බුද්ධි නිලධාරීන් යොදවා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණ කරන ලෙසට පොලිස්පතිවරයා සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව සදහන්.
මෙම මත්ද්‍රව්‍ය වලට අමතරව ගංජා භාවිතකර හසුවන පොලිස් නිලධාරීන් මුල් අවස්ථාවේ ස්ථාන මාරුවක් ලබා දීමට ක්‍රියා කරන බවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කර තිබේ.
හෙරෝයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට අනාවරණය වන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස් සේවයෙන්ද ඔවුන් නෙරපා හැරීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.
පොලිසිය තුළ මේ දක්වා අත්අඩංගුවට පත්ව ඇත්තේ කණිෂ්ඨ පොලිස් නිලධාරීන් පමණක් බවත්, ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් ද අත්අඩංගුවට පත් පිරිස අතර සිටින බවත් පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.
මත්ද්‍රව්‍ය භාවිතා කරන බොහෝ නිලධාරීන් හසුවන්නේ බස්නාහිර පළාත තුළින් බවට එම මාධ්‍ය වාර්තා සදහන් කරයි.
 
	    	



























 
		    
















