English
සිංහල
22:02 අඟහරුවාදා, අප්‍රේල් 21, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් විධිමත්ව සහ කාර්යක්ෂමව කටයුතු කළ යුතුයි

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    • ජනපති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන නායක සමුළුව අමතමින් අවධාරණය කරයි

    මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග සම්බන්ධයෙන් විධිමත් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කොට තිබේ.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) පැරිස් නුවරදී ආරම්භ වූ නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සමගාමීව පැවති ඉහළ පෙළේ සාකච්ඡා වාරයට සහභාගී වෙමිනි.
    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති අත්දැකීම් මෙහිදී ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ණය හිමියන් සහ ණය ගැතියන් අතර වඩාත් උසස් ගනුදෙනුවක් ඇති කළ යුතු බව පෙන්වා දුන්නේය.

    ණය හිමියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම සහ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකරණය පිළිබඳ ප්‍රසාදය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ක්‍රියාවලිය සඳහා ජපානය සහ ඉන්දියාව යන රටවල් සමඟ සිදු කෙරුණු සාකච්ඡා ද, සංවර්ධන වැඩසටහන් සහ වාණිජ ඒකමිතියක් සඳහා එම රටවල් සහ චීනය ලබාදුන් සහාය පිළිබඳව ද සිහිපත් කළේය.

    දැනට පවත්නා අස්ථාවර භාවය තුරන් කිරීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු කඩිනම් කළයුතු බවත්, මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණපාන සුවිශේෂ අභියෝග ජය ගැනීම සඳහා වෙනම ක්‍රියාවලියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය පිළිබඳවත් ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය.

    ශ්‍රී ලංකාව මූල්‍ය සහ ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ වැඩපිළිවෙළකට සම්බන්ධ වී සිටින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිව්‍යුහගතකරණය අත්‍යාවශ්‍ය බවත්, එය කඩිනමින් සිදු නොකළ හොත් පහළ ආදායම් ලබන සහ මධ්‍ය අදායම් ලබන රටවලට දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයන්ට මුහුණදීමට සිදුවන බවත් අවධාරණය කර සිටියේය.

    මෙම සාකච්ඡා වටයේ දී එයට නායකත්වය දුන් ස්පාඤයේ (පළමු) නියෝජ්‍ය අග්‍රාමාත්‍ය නාදියා කැල්විනෝ (Nadia Calvino) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සිදු කළ විමසීමකට ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරය පහත දැක්වේ.

    ප්‍රශ්නය

    ජනාධිපතිතුමනි, ඔබතුමා ඉන්නේ විශේෂ තත්ත්වයක් යටතේයි. අපි දැන් මධ්‍ය ආදායම් ලබන රටක් පිළිබඳ අවධානය යොමු කරමු. එහිදී විවිධ අභියෝග තිබෙනවා. එසේම ඒවා සාමාන්‍ය තත්ත්වයන් තුළ ඇති නොවූ බවත් අපට වැටහෙනවා. චැඩ් රාජ්‍යය වගේ රටක් ගත්විට එයත් ඔබේ රටේ පවතින තත්ත්වයට සමාන විය හැකියි. ඒ වගේම පැරිස් සමාජය සහ පැරිස් සමාජයේ සාමාජිකයන් නොවන ණය හිමියන්ගේ කමිටුව ඇති කිරීමත්, මෙවැනි ණය හිමියන්ගේ කමිටුවලදී සම සභාපතිත්වය දැරීමට ඉන්දියාව තීරණය කිරීමත් වැදගත් පියවර සේ දැක්විය හැකියි. ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඔබේ අදහස මොකක්ද ?

    චැඩ් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ කථාවට අනුව අපට තේරුම්ගොස් තිබෙනවා රටේ නිලධාරීවාදය සීමා කළයුතු බව. එයට අපි සියලුදෙනා එකඟයි. ඇතැම් සංකීර්ණ දේවල් විසඳිමේ දී සරලභාවය ඉතා වැදගත් වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම අපට කියන්න ?

    පිළිතුර

    මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස තිබූ ශ්‍රී ලංකාව බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කළ විට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තිබෙන සාමාන්‍ය රාමුව අපට වලංගු වන්නේ නැහැ. සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අපට තිබූ අවකාශ ඉතා සීමිතයි. ඒ අතරම අභ්‍යන්තර මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ද ඉතාම සීමාසහිත වුණා. මේ අනුව ණය සම්බන්ධ වැඩසටහන් සියතට ගැනීමත්, ණය ප්‍රතිව්‍යුහගතකරණයත් ආර්ථික වර්ධනය සඳහා බලපාන ආර්ථික ප්‍රතිසංස්කරණත් සියතට ගැනීමට අපට සිදු වුණා. ඉන් පසුව තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමියන් සමඟ සාකච්ඡා කිරිමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ.

    මෙය හරියටම සමාන වුණේ කිසියම් වට්ටෝරුවකට අනුව වැඩකිරීම සමඟයි. මෙහිදී අප විසින් පවත්වාගෙන යා යුතු දේ සහ ඉවත් කළ යුතු දේ මොනවාද යන තර්කය මතු වුණා. එසේ පවත්වාගෙන යා යුතු සහ ඉවත් කළ යුතු දේවලින් 90%ක පමණ ප්‍රමාණයක් පිළිබඳ අප එකඟත්වයකට පැමිණියා. එසේම වැදගත් තත්ත්වයන් දෙකකට මුහුණදීමට අපට සිදු වුණා.

    ඉන් පළමුවැන්න ඉන්දියාව අපේ සහායට පැමිණීම. එය ඩොලර් බිලියන 4ක උපකාරයක්. එම අවස්ථාව වන විට අපට වෙනත් කිසිම සහයෝගයක් ලැබෙන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. දෙවනුව ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා ගැනීමට අපට හැකි වුණා. ඒ අනුව අපේ ඉලක්කය සහනදායී පියවරකට යොමු වුණා.

    එහෙත් අප විසින් රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේ සිට පාර්ශ්ව කිහිපයකම නිලධාරීන්ගේ වැඩපිළිවෙළවල තුළ ප්‍රමාදයන් මතු වුණා. ඒ නිසා අපට ප්‍රමාද වීමට සිදු වුණා. එසේ නොවී මැයි මාසය වන විට අපට අරමුදල් ලැබුණා නම් ජුලි මාසයේ දී හට ගත් ප්‍රශ්නකාරී තත්ත්වයන් මගහැරීමට අපට පුළුවන්කම ලැබෙන්නට ඉඩ තිබුණා.

    කෙසේ වුවද ජූලි මාසයේ හටගත් ප්‍රශ්නවලට මුහුණදීමට අපට සිදු වුණා. සැප්තැම්බර් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟත්වයකට අප පැමිණියා. එහෙත් වලංගු ගිවිසුම අත්සන් කර මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා එතැන් සිට තවත් මාස 06ක් ගත කිරීමට අපට සිදු වුණා.

    ඉන් පසුව අපි ප්‍රමුඛ ආර්ථික ප්‍රතිසංස්කරණවලට යොමුවීමට පටන් ගත්තා. එමඟින් ජනතාවට කිසියම් වේදනාවක් ඇති වුණා. එය කිසිම පුරෝකථනයකින් තොරව හටගත් තත්ත්වයක්. දෙවනුව සභාපති ආචාර්යා මේ තත්ත්වය විග්‍රහ කළ ආකාරය ගැන මම එකඟ වෙනවා. අප එය කළයුතුව තිබුණේ ඉතා වේගයෙන්.

    මා කලින් පැවසූ පරිදි කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම පැමිණියේ පසුගිය සැප්තැම්බර් මාසයේදී. නොවැම්බර් වන විට අපට ධනාත්මක සැලැස්මක් තිබුණා. ඒ බව පසුව ප්‍රකාශයට පත් කෙරුණා. ඉන් පසුව ශ්‍රී ලංකාව තුළ ඉතාම තරගකාරී වර්ධනාත්මක න්‍යාය පත්‍රයක් ඇති වුණා.

    එබැවින් නිල මට්ටමේ සහ පුද්ගලික මට්ටමේ මූල්‍ය අවශ්‍යතාවයන් වැඩිදියුණු කෙරුණා. මෙහිදී වැදගත් යමක් කිව යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන ලද සාකච්ඡා අවසන්වීමෙන් පසු තවදුරටත් දීර්ඝ කරන ලද මූල්‍ය පහසුකම් සඳහා සාර්ථක අනුමැතියක් ලැබුණා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඊළග පියවර සම්බන්ධයෙන් නිසි සැලසුමක් අපට තිබුණේ නැහැ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළග මූල්‍ය පහසුකම ලබා ගැනීමට පෙර නිසි සැලසුමක් සකස් කිරීමේ වැඩපිළිවෙළ අපි ඉදිරියේ තිබෙනවා.
    කෙසේ වුවද, තවත් අත්දැකීම් කිහිපයක් පිළිබඳ සඳහන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා .දත්ත සහිතව සහ දත්ත අනුව යමින් අප කටයුතු කිරීම අපේ සාර්ථකත්වයට හේතුවෙනවා. අප අනුගමනය කළේ අපේ වැඩසටහන මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නොවෙයි.

    පසුව අප නිල ණය හිමියන් වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කිරීමට උත්සාහ කළා. මේ අය අතර පැරිස් සමාජයේ සාමාජිකයන් ද, ඉන්දියාව, හංගේරියාව සහ තවත් රටවල් කිහිපයක් සිටිනවා. මෙහිදී චීනය නිරීක්ෂක මට්ටමින් සහභාගී වුණා. අපි අප සතුව තිබෙන තොරතුරු සියල්ලම උපරිම විනිවිදභාවයක් යටතේ අනෙක් පාර්ශ්ව සමඟ හුවමාරු කර ගත්තා. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම පිළිබඳ මම ස්තූතිවන්ත විය යුතුයි.

    ඒ අතර ජපානය, ඉන්දියාව සහ චීනය සමඟ ශ්‍රී ලංකාව වෙන වෙනම සාකච්ඡා පවත්වනවා. ඒ වාණිජ ඒකමිතියක් සඳහායි. එසේම අනාගත සංවර්ධන වැඩසටහන් සඳහාත් සාකච්ඡා පැවැත්වෙනවා.

    ඇමරිකාව සහ චීනය අතර වර්ධනය වෙමින් පවත්නා තත්ත්වය පිළිබඳව අප සියලුදෙනා අවධානය යොමු විය යුතුයි. අප මෙම ප්‍රශ්න නිරාකරණයකර ගත නොගතහොත් ආසියාව සහ අප්‍රිකාව තවත් බරපතල අර්බුදයකට මුහුණදීමට නියමිතව තිබෙනවා. මේවා අප දැනට සමනය කරගත යුතු ප්‍රධාන ප්‍රශ්න බව කිව යුතුයි.

    ප්‍රතිව්‍යුහගතකරණය අත්‍යාවශ්‍යයි. මා එයට ඉතාමත් එකඟයි. එය ඉතා ඉක්මණින් කළ යුතුයි. එය ඉක්මන් නොකළහොත් පහළ ආදායම් සහ මධ්‍ය ආදායම් ලබන රටවල්වලට දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයන්ට මුහුණදීමට සිදු වෙනවා. කෙතරම් දැඩි පීඩනයක් තිබුණද බංකොළොත්භාවය ලබන්නට පෙර මේ ප්‍රශ්න සමනය කර ගැනීමෙන් විශාල පහසුකවක් ලැබිය හැකි බව කිව යුතුයි.

    ජනාධිපති මාධ්‍ය ඒකකය.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version