1980 සිට 1990 දක්වා කාල පරාසය තුළ ආයුධ ලබා දුන් මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් මේ වන තෙක් එම ආයුධ ආපසු භාරදී නොමැති බවත් , එලෙස ආයුධ ලබාදුන් මන්ත්‍රීවරුන් 150 දෙනෙකුගෙන් 100කට වැඩි පිරිසක් ආපසු ආයුධ ලබාදීමට අපොහොසත් වී ඇති බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර ඇත්තේ එම ආයුධ ආපසු ලබා නොදුන් ඇතැම් මන්ත්‍රීවරුන් අද වන විට රෝගී තත්වයෙන් පසුවන බවයි.
එමෙන්ම 1989 වසරේ සිට මේ දක්වා කිසිදු මන්ත්‍රීවරයකුට ස්වයංක්‍රීය අවියක් ලබාදී ඇද්දැයි අලහප්පෙරුම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ එවැනි ආයුධ කිසිදු මන්ත්‍රීවරයකුට කිසිදු දිනක නිකුත් කර නොමැති බවයි.














































