වර්තමානය වන විට මෙරට තුළ මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම්, අපචාර වැනි සාහහසික ක්‍රියාවන් රැසක් එක දිගට ඔඉ අප සියල්ලන්ට අසන්න දකින්න ලැබෙනවා.
මේ පිළිබඳව අවධානය යොමු කරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පසුගිය දා පෙන්වා දෙන ලද්දේ රට තුළ මෙවැනි අපරාධ සිදු වීම තුළින් රටේ නීතියේ ආධිපත්‍යට අභියෝගයක් සිදුව ඇති බවට පෙන්නුම් වන බවයි.
දෛනික වශයෙන් වාර්තා වන මිනීමැරුම් ,ළමා අපචාර, පැහැර ගැනීම් ආදී අපරාධවල සීඝ්‍ර වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරනවා සේම ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩ කළ බවට ජාත්‍යන්තර චෝදනා එල්ලව ඇති අවස්ථාවක මෙවැනි ක්‍රියා සිදු වීමෙන් තවදුරටත් මේ රට ආගාදයට යනු ලබයි.
වෛද්‍යවරුන් අතින් කුඩා දැරියන් පවා දූෂණයට ලක්වන, මුදලට කෑදරකමේ මනුෂ්‍ය ජීවිතයක අගය වටහා නොගත් නොමිනිසුන් අතින් ජීවිත ඝාතනය වන, වටපිටාවක් තුළ ජනතාව නීතියේ සරණ හැර කාගේ පිළිසරණක් පතන්නද?නීතිය ආරක්ෂා කිරීමට ඉදිරිපත්ව ඇති පිරිස් එම නීතිය ජනතාව ආරක්ෂා කිරීමට නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේ නැත්නම්, එතැනදී නීතියේ ආධිපත්‍යයක් රැකෙන්නේ ද නැති බව ඔහු මෙහි දී පෙන්වා දෙයි.
තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙන පරිදි මෙම සිදුවීම් මාලාව මේ අයුරින්ම දිගින් දිගටම සිදු වුවහොත් එය සමස්ථ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම්වලට මෙන්ම සිවිල් නිදහසට ද බරපතළ තර්ජනයක් විය හැකි බව ද තරයේ අවබෝධ කරගත යුතුව ඇත.
රජය ඇතුලු මේ සම්බන්ධයෙන් වගවිය යුතු පිරිස් වහාම මේ පිළිබඳව අවධානය යොමු කර සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සලසා දේ යැයි අප අපේක්ෂාවෙන් සිටින්නෙමු.