අද (07) පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය පැවැත් වුණු අතර එහිදී පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ඉල්ලා අස් වීම පිළිබදව කථානායක විසින් පාර්ලිමේන්තුවට දන්වා සිටි අතර එම දැනුම් දීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදහස් දැක්වීමත් සමග පක්ෂ විපක්ෂ අතර උණුසුම් තත්ත්වයක් හට ගත් බව වාර්තා වේ .















































