පිලිපීනයේ – ඇල්බේ ප්‍රාන්තයේ පිහිටි සක්‍රීයම ගිනි කන්ද වූ මයෝන් සක්‍රීය වී ඇති බවට වාර්තා වේ.
ගිනි කන්දේ සිට කිලෝමීටර් 3 ක වපසරියක ජීවත් වන 13,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.
මීට පෙර 2013 සහ 2018 වසරවලදී මෙම ගිනි කන්ද සක්‍රීය වූ අතර 1814 වසරේදී පුද්ගලයින් 1,200 ක් මියගොස් ඇති බව සදහන්.