මේ වනවිට ශ්‍රී ලංකාවේ ආන්දෝලනයට ලක් වූ සිද්ධිය වුයේ කුරුණෑගල පොතුහැර පත්තිරිප්පුව හා සම්බන්ධ සිදු වීමයි. ලංකාව පුරාම විවිධ ස්ථානවල දළදා මාලිගාවේ අනුරූප තිබේ. එවැනි ස්ථාන ගණනාවක් තිබියදී ජනසෙත පෙරමුණේ සභාපති බව පැවසෙන නිලන්ත නමැති පුද්ගලයෙකු ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග එක්ව මේ පිලිබඳව දීර්ඝ සාකච්චාවක් කරන ලදී.
මෙම සාකච්චාවට අනුව මෙම පුද්ගලයාට ඉදිරිකටයුතු කිරීම සඳහා මහනායක හිමිවරුන් පවා උදව් කර තිබේ. කෙසේ නමුත් මෙහිදී මොහු සඳහන් කරන්නේ මෙම ගොඩනැගිල්ලේ පත්තිරිප්පුව පිලිබඳව ගැටළුවක් නොවන බවත් ඒ පිලිබඳව ගැටලුව වී ඇත්තේ මර්වින් සිල්වා මහතාට බවත් ඔහු සඳහන් කරයි.
කෙසේ නමුත් මෙම අනාවරණකරුවන්ට හෝ මේ පිලිබඳව අවධානය යොමුකරන කිසිවෙකුටත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිවිල් පාලකයන් විසින් සිදුකරන ලද වංචා දූෂණ හෝ අක්‍රමිකතා පිලිබඳව කිසිම අවධානයක් යොමු කිරීමට කටයුතු කර නැත. මෙහිදී අනාවරණය වන්නේ මොහුට මහනායක හිමිවරු පවා උදව් කර තිබෙන බවයි. නමුත් පහත දැක්වෙන්නේ මහනායක හිමිවරුත් නිහඬව සිටින, සාක්ෂි සහිතවම ඔප්පුකර තිබෙන වංචා දූෂණ පිලිබදව හෙලිදරව්වයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුට හෝ මෙම අනාවරණය ගැන කටක් අරින්නට කොන්දක් තිබුනේ නැති බවද පැහැදිලිය.
කෙසේ නමුත් අද සිදුකර තිබෙන මෙහි පහත දැක්වෙන සාකච්චාව තුලින් පෙනී යන්නේ මොවුන් අතර තිබෙන යම් යම් සබදතා මත සිදුවන යම් ගැටලුකාරී ස්වභාවයකි. නිලන්ත රණසිංහ නමැති පුද්ගලයා කතා කරනුයේ යම් වංචනික ක්‍රියාවක් මෙහි සිදුවන බවයි. නමුත් එම වංචාවන් පිලිබඳව ඔහු කිසිම ස්ථානයකට පැමිණිලිකර නැත. එය සිදුකර තිබෙන්නේ මහනායක හිමිවරුන් සහ දියවඩන නිලමේවරයා විසිනි. එසේම මහජනතාව විසින්ද කිසිම ස්ථානයකට පැමිණිලිකර තිබෙන බවත් අනාවරණය නොවේ. මෙහිදී සිදුවන්නේ ඔහු විසින්ම තවත් කාගේ හෝ කතාවක් ප්‍රකාශ කිරීමය.
ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ආගමක් හෝ ලබ්දියක් ඇදහීමට හැකිය. සමාජයට, පරිසරයට හෝ කිසිම අයුරකින් මිනිසුන්ට හෝ ජීවීන්ට හානියක් සිදු නොවේ නම්, ආගමික ලබ්දියකින් යුතුව යමෙක් කටයුතු කරන්නේ නම් ඉන් යහපතක් මිස අයහපතක් සිදු නොවේ. නමුත් ආගමේ මුවාවෙන් යම් වංචාවක් සිදුව තිබේ නම් එයද ඔප්පු කර පෙන්විය යුතුය. එසේම මෙම ස්ථානයේ දළදා තේවාව සිදුකරන බවද ඔහු පවසන නමුත් එවැනි පූජා පැවැත්වීමට එරෙහිව කිසිම නීතියක් බෞද්ධ දර්ශනය තුල සඳහන් නොවේ. මෙහිදී එවැනි වංචාවක් ඔප්පු කිරීමට ඔහු සමත් නොවේ. සියලුම දේවල් ඔහු විසින් ප්‍රකාශ කළා පමණි. විද්‍යානුකූලව ඔප්පු කිරීමටවත්. ආගමට අනුවත් එය වරදක් බව ඔප්පු කිරීමටවත් ඔහු අසමත් වේ. ඒ අනුව මින් පෙනී යන්නේ මෙම සිදුවීමත් එක්තරා නාට්‍යක පිටපතක් බවයි. එම පිටපත සාක්ෂි සහිතවම දිගහැරියහොත් සත්‍යයක් බව පිළිගත හැකිය. මෙම සිදුවීම පිලිබදව කතාව පහතින් බැලිය හැකිය. එසේම නිලන්ත රණසිංහ මහතාට හැකිනම් මෙහි ඉහත දැක්වෙන වීඩියෝවේ සඳහන්වන දියවඩන නිලමේවරයාගේ වංචා දූෂණ ගැනද කතා කල හැකිය. එම වීඩියෝවේ සදහන්වන සියලුම කරුණු චමුදිත සමරවික්‍රම මහතා ඉදිරියේ ඔප්පුකර තිබේ. කුරුණෑගල දළදා මාලිඟාවේ ආකෘතිය පිලිබඳව කියවෙන වීඩියෝව පහතින් බලන්න