මාංචු පුවත්පතේ ප්‍රධාන කර්තෘව සිටි, වත්මනෙහි මව්බිම පුවත්පතේ ජේෂ්ඨ මාධ්‍යවේදී කීර්ති මෙන්ඩිස් මහතාගේ මෑණියන් පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත වූවාය.
කොල්ලුපිටිය, ගාලු පාර, අංක 183 /9 හි පදිංචිව සිටි මල්ලිකා රණසිලි පෙරේරා මහත්මිය මිය යන විට 83 වැනි වියේ පසු වූවාය.
ඇගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (22) සවස 4 ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ ලිතෝ තාක්ෂණ නිලධාරී චන්දන මෙන්ඩිස්, බස්නාහිර පළාතේ ආණ්ඩුකාර කාර්යාලයෙහි රාජකාරිය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක පූජිත මෙන්ඩිස්, දිවයින කර්තෘ මණ්ඩලයේ සේවය කළ, නැසීගිය මංජුල මෙන්ඩිස් යන අයගේ මෑණියන් වූ මල්ලිකා පෙරේරා නැසීගිය වර්ණකුල ගැල්ටන් මෙන්ඩිස් මහතාගේ ආදරණීය භාර්යාව වෙයි.