2010 වර්ෂයේ දී අකුරැස්ස මලිදුව ප්‍රදේශයේ දී සිය සහෝදරයාට උදැල්ලකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙකුට මාතර මහාධිකරණය අද (18) මරණ දඬුවම නියම කළ බව වාර්තා වේ.
2010 වසරේ අප්‍රේල් මස 13 වනදා හෝ ඊට ආසන්න දිනක දී ළිඳකින් වතුර ගැනිම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යැමෙන් පසු අයියා විසින් මල්ලිට උදැල්ලකින් පහර දී තිබිණි.
ඊට අදාළ නඩුව අවුරුදු 13ක් තිස්සේ මාතර අධිකරණයේ විභාග වූ අතර, ඉදිරිපත් වූ සාක්ෂි සලකා බලා මාතර මහාධිකරණ විනිසුරු නාමල් තෙන්නකොන් මහතා විසින් අද (18) පස්වරුවේ දී මෙම මරණ දඬුවම නියම කර ඇති බව සදහන්.
එසේ මරණ දණ්ඩණය නියම වී ඇත්තේ, අකුරැස්ස මලිදුව දොලේකන්ද ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකුටයි.














































