අද (05) කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේ මවක් තම දරු දෙදෙනා සමග නිවසේ ළිදට පැන ඇති බව වාර්තා වේ. මෙම දරුවන් දෙදෙනා ආබාධිත පිරිමි දරුවන් දෙදෙනෙකු බව කියයි.පැවති දුෂ්කරතා හමුවේ ආබාධිත දරුවන් දෙදෙනාගේ ප්‍රතිකාර කටයුතු සිදු කර ගැනීමට මුදල් නොමැති වීම නිසා මෙසේ සිය දිවි හානි කර ගෙන ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවලින් අනාවරණය වූ බව වාර්තා වේ.
මෙම දරුවන් දෙදෙනාගේ පියා සිවිල් ආරක්ෂක භටයෙකු වන අතර අද (05) අලුයම තම රැකියාවට ගොස් උදෑසන ආහාරය සදහා නැවත පෙරවරු 10ට පමණ නිවසට පැමිණ ඇති බව කියයි.නිවසට පැමිණි අවස්ථාවේ තම බිරිද සහ දරුවන් දෙදෙනා පෙනෙන්නට නොමැති නිසා නිවස අවට පරීක්ෂා කිරීමේදී බිරිද සහ දරුවන් දෙදෙනා ළිදේ සිට ඇති බව දැක ඇති බව කියයි.
සිද්ධියෙන් එක් දරුවෙකු මිය ගොස් ඇති අතර ඔහු 21 හැවිරිදි අයෙකු බව සදහන් කරයි.මව සහ අනෙකුත් දරුවා බලපතල තත්ත්වයෙන් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.














































