තැපැල් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා,වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් 2021.09.01 සහ 02 යන දිනවල ලබාදෙන බවයි.
අදාළ දින දෙක තුළදී තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘතව තැබීමට නියමිතය.
තැපැල් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ , දීමනා ලබා ගැනීමේ දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන ලෙසයි.















































