ඇතැම් කඳුළු ගෑස් වසර 22 පරණ කල් ඉකුත් වූ ඒවායි – ඇඟ කිලිපොළා යන පර්යේෂණ වාර්තාවක් එළියට
මහජන විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් රසායනික අවි භාවිත කර ඇති බවට සිය පර්යේෂණයක් ඔස්සේ කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන මහතා පවසනවා.
අන්තර්ජාලය නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළි කර ඇති අතර 2012 වසරේ 2022 වසර දක්වා පොලිසිය සිදුකළ මහජන විරෝධතා විසුරුවා හැරීමට අදාළ සිදුවීම් පාදක කර ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.
එමෙන්ම මෙහි දී අනාවරණය වී ඇති තවත් වැදගත්ම කරුණක් වන්නේ පොලිසිය විසින් ද ප්‍රහාර එල්ල කොට විසුරුවා හැරීමට ක්‍රියා කර ඇති මහජන විරෝධතා වලින් වැඩි ප්‍රමාණයක් සාමකාමී විරෝධතා වීමයි.
මෙම සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ පොලිසිය විසින් මහජන විරෝධතා මර්ධනය යොදා ගන්නා කඳුළු ගෑස් වලින් ඇතැම් ඒවා වසර 22කට වඩා පැරණි බව ද තම පර්යේෂණයෙන් අනාවරණය වූ බවයි.














































