English
සිංහල
05:00 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මහනුවර පොලිස් ලොක්කෝ මර නින්දේ -STF එක යොදලා මහජනතාවට කොළේ වහයි.(වීඩියෝ සහිතයි)

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සෑම අතකින්ම දූෂිත රාජ්‍යයේ මහජනතාව සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් නිලධාරින්ගෙන් 30%කටත් වඩා වැඩි ප්‍රමාණයක් අල්ලස,දූෂණය සහ වංචාව මෙන්ම රාජකාරි පැහැර හැරීම් සිදු කරන බවට පළ වන පුවත් දිනෙන් දින වැඩි වීම මහා ඛේදවාචකයකි.

    පොලිස් පොඩ්ඩන් පමණක් නොව පොලිස් ලොක්කන්ගෙන්ද 50%කටත් වඩා දූෂිතයන් බවට පත්ව තිබෙන බව අපගේ ගවේෂණවලදී අනාවරණය වීම ශ්‍රී ලංකාවේ දැවැන්ත ඛේදවාචකයකයකට මුලපිරුමකි.

    ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දක්වාම 50% වඩා දූෂිතයන් වේ නම් එය වෙනස් කිරීම සඳහා අපට වෙනත් රටවලින් පොලිස් නිලධාරින් කැඳවීමට සිදුවනු ඇත.එසේ නොමැතිනම් මේවා හදුනාගත් විශිෂ්ඨ ගණයේ පොලිස් නිලධාරින් මේවාට එරෙහිව නැඟී සිට නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

    අප මීට මාස කිහිපයකටම පෙර මහනුවර දිස්ත්‍රික්කයේ මෙන්ම රට පුරාම විවිධ ස්ථානවල සිදුවන විවිධ නීතිවිරෝධී ක්‍රියාකාරකම් මෙන්ම වංචා ,දූෂණ ,අක්‍රමිකතා , පාරිසරික විනාශයන්ට නීතිය ක්‍රියාත්මක නොවීම් ආදී බොහෝ දේ වාර්තා කර තිබේ.

    මේ අතර මහනුවර ප්‍රදේශයේ විශේෂිත වශයෙන් ම සිදුවන නිධන් හෑරීම් ගණනාවක් පිළිබඳව අප වාර්තා කරන ලදි. ඒ අනුව 2023 පෙබරවාරි මස 28 දින අප වාර්තා කරන ලද මෙම පුවත තුළ නිධන් හෑරීම පිළිබඳව සම්පූර්ණ විස්තරය සඳහන් වේ. නමුත් තෙල්දෙනියේ SSP, ASP සහ උඩුදුම්බර OIC ලාගේ නීතිවිරෝදී නිහඩ භාවය අස්සේ දෝතුරුගලකන්දේ නිදානය රැගෙන ගොස් තිබේ.

    උඩුදුම්බර පොලිස් OIC ගේ උදව්වෙන් ජයටම නිධන් හාරයි.

    ඒ අතර ටොන් ගණනක් බරැති පැරණිතම ‘සඳගල’ ද උස්සාගෙන ගොස් විනාශ කරන තෙක්ම එය සොයා ගැනීමට මහනුවර පොලිස් ස්ථානයට හැකියාවක් ලැබී නොමැත.එය දේශපාලන ගේම් එකක් බව පසුව පැහැදිලි වූ නමුත් , පොලිස් නිලධාරින් සිටින්නේ දේශපාලනඥයන්ට වඩා ඉහළින් නීතිය ක්‍රියාත්මක කිරීමට බව ඔවුන් දැන සිටිය යුතු ය.

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය කෙතරම් විනාශ වුවද ඉදිරියට හෝ නීතිවිරෝධී ක්‍රියා සදහා දඬුවම් ලබා දීමට නීතිය මෙහෙයවිය යුතු පොලිස් ස්ථාන , පොලිස් ස්ථානාධිපතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් මුනිවත රැක දේශපාලනඥයින් ආරක්ෂා කිරීම කනගාටුවට කරුණකි.

    ඒ අතර මහනුවර දිස්ත්‍රික්කයේ දෝතුරුගල කන්ද සහ කන්දේගම විහාරස්ථානයට ඉහළින් මිනිසුන් වන්දනාමාන කළ ස්ථානයක් පවා නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට අප මීට මාස ගණනාවකට පෙර වාර්තා කළ නමුත් , පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ , මේ පිළිබඳව නොමග ගිය මහනුවර ප්‍රදේශයේ පොලිස් නිලධාරින් මෙය වැළැක්වීම සදහා කිසිදු පියවරක් මේ වන තෙක්ම ගෙන නොමැත.

    එවන් පසුබිමක් තුළ දෝතුරුගල කන්දේ නිධානය මේ වන විටත් රැගෙන ගොස් ඇති නමුත් , එම විනාශය සිදු කිරීමට පියවර ගත් මුල් අවස්ථාවේ සිටම රාජ්‍ය බුද්ධි සේවය මඟින් සහ විවිධ බුද්ධි වාර්තා මඟින් මේ පිළිබඳව දැනුවත් කර තිබුණත් නීතිය ක්‍රියාත්මක වී නොමැත.

    මෙම දෝතුරුගල කන්දේ නිධානය ගැනීම සඳහා කටයුතු කළ පුද්ගලයින් අත ගිනි අවි තබාගෙන සිටින බවද වාර්තා වුවත් ශ්‍රී ලංකා පොලිසියේ මධ්‍යම පළාතේ මෙම ප්‍රදේශය භාරව කටයුතු සිදු කරන තෙල්දෙණියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයා සහ උඩුදුම්බර පොලිස් ස්ථානාධිපතිවරයා මේවා නොදැක්කා සේ සිටීම කනගාටුවට කරුණකි.

    අප විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ ගිනි අවි අත තබාගෙන නිධන් හෑරූ මොවුන් කවුරුන්ද යන්න සොයා ගැනීමට හෝ ඔවුන් සොයා වෙහෙසීමට හෝ තෙල්දෙණියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ උඩුදුම්බර පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු නොකිරීම මහා භයානක විනාශයකට මුලපිරීමක් බවයි.

    එය එසේ නොවිය යුතු බවට බුද්ධිමතුන් ප්‍රකාශ කරන අතර මහජනතාව ද , තොරතුරු දෙන්නන්ද මුනිවත ආරක්ෂා කරමින් සිටින්නේ දූෂිත පොලිස් නිලධාරින් දූෂිතයන් සමඟ එක්ව දැවැන්ත විනාශයක් රට පුරා සිදු කරන බැවිනි. නමුත් මේ සඳහා පොලිස් පොඩ්ඩාගේ සිට පොලිස් ලොක්කා දක්වාම එකිනෙක බැදුණු ක්‍රියාවලියක් ඇති බැවින් ඔවුන්ට එරෙහිව කිසිවෙකු නැඟී සිටින්නේ නැත.

    තෙල්දෙණිය පොලිස් නිලධාරින් නිධානය හෑරීමට පෙර හෝ නිධානය රැගෙන ගියාට පසුව හෝ ක්‍රියාත්මක නොවූ බැවින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බළකා ඒකකය යොදා පසුගියදා මෙම ස්ථානයේ වැටලීමක් සිදු කරන ලදි.

    එය සැබවින්ම වැටලීමකටද වඩා සංචාරයක් කිවහොත් එය නිවැරදිය .මක් නිසාද යත් මෙම මෙහෙයුමට එකතුව සිටි සමහර පොලිස් නිලධාරින් මෙම නිධානය රැගෙන ඇති බවට තොරතුරු දැන දැන, කෑ කෝ ගසමින් මේ ස්ථානයට පැමිණි බැවිනි.

    නමුත් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් කිහිපයක් ද මෙම මෙහෙයුමට ඇතුළත් කර තිබූ නමුත් මහජනතාව රැවටීමට සිදු කළ මෙම මෙහෙයුම තුළින්ද සිදු වූයේ මෙරට මහජන මුදල් අපතේ යාමකි. පොලිසිය ගහපු ගේම් එකක් බව STF එක දැනගෙන නොසිටියේය. එය ලලිත් පතිනායකද දැන සිටියේ නැත.

    නිධානය ගැනීමට දින කිහිපයකට පෙර මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින් තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දුරකථනයෙන් අමතා වහාම අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළද , එය සිදු නොකීරීම නිසා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ අණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළද අපට කියන්නට ඇත්තේ ‘අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා ඵලක් නොමැති බවයි’.

    උඩුදුම්බර පොලිස් බල ප්‍රදේශය සහ තෙල්දෙණිය ප්‍රදේශයේ මේ වන විටත් ස්ථාන 8කට ආසන්න ප්‍රමාණයක හොර රහසේ නොව පොලිස් ආරක්ෂාව යටතේ , පොලිස් ඔත්තු සේවය යටතේ නිධන් හෑරීම සිදු කරන බව වාර්තා වේ. මෙහිදී උඩුදුම්බර පොලිස් ස්ථානාධිපතිවරයා දිගින් දිගටම නීතිය කඩකරන අතර තෙල්දෙණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද මේවාට හවුල් වී සිටීම කෙතරම් ඛේදනීයද යත් , මොවුන් සියලු දෙනාම දේශපාලනඥයන්ගේ උවමනා මත මේ ප්‍රදේශයට පත් කර එවූ නිලධාරින් ය.

    තව නොබෝ දිනකින් නව පොලිස්පතිවරයා ලෙස හිටපු පොලිස්පතිවරයාම සේවා දිගුවක් ලබාගෙන නැවත පොලිස්පති පුටුවේ වාඩි වීමට හැකිය .එසේ නොමැති නම් වෙනත් කවුරුන් හෝ පොලිස් නිලධාරියෙක් පොලිස් පුටුවේ වාඩි වන්නේ පොලිස්පතිවරයා ලෙසය.එබැවින් පොලිසිය ස්වාධීන කිරීමට දැන්වත් ක්‍රියා කළ යුතුය.

    වැරදි කරන පොලිස් නිලධාරින්ට එරෙහිව කටයුතු කර ඔවුන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් විසිකිරීම දක්වාම අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ඕනෑතරම් නීති පොත ඉඩහසර සලසා දී තිබේ. කළ යුත්තේ ඒවාට අනුව ක්‍රියා කිරීමයි.

    අවසාන වශයෙන් මේ විශේෂ ලියුම්කරුට, පොලිස් දෙපාර්තමේන්තුවේ වංචා,දූෂණ ,අක්‍රමිකතා කරන මහජනතාවගේ මහජන මුදලින් වැටුප් ලබමින් රටට හෙනයක් වූ දූෂිත පොලිස් නිලධාරින් වෙනුවෙන් සටහන් කරන්නට තිබෙන්නේ, “ඔබ ඔය සිදු කරන්නේ ඔබේ රාජකාරිය නොවේ.ඔබ ඔය සිදුකරන්නේ ඔබේ රාජකාරියට පයින් ගසා ඔබේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම බවත්ය” .

    කෙසේ නමුත් පොලිස් මූලස්ථානය මැදිහත් වී මේ පිළිබඳව අපරාධ පරීක්ෂණයක් සිදු කළ යුතුව තිබේ. එම අපරාධය සිදු කළවුන් සොයා පුරාවිද්‍යා ආඥා පනතට අනුව කටයුතු කිරීමට නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වී මෙම ස්ථානයේ සිට ලබාගත් දුරකථන ඇමතුම් ආදිය පිළිබඳවද විමර්ශණයක් සිදු කර මෙයට සම්බන්ධ පොලිස් නිලධාරින් පවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතුය.

    එසේම තම පොලිස් බල ප්‍රදේශය තුළ සිදුව තිබෙන මෙම මහා අපරාධය වළක්වා ගැනීමට කටයුතු නොකළ තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාටත් , සහකාර පොලිස් අදිකාරිවරයාටත්, උඩුදුම්බර පොලිස් ස්ථානාධිපතිවරයාටත් එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට මහජනතාව ප්‍රකාශ කරන අතර අප මාධ්‍යකරුවන් ලෙසද සඳහන් කරන්නේ එයයි. ඔවුන්ගේ දේශපාලන සම්බන්දකම් අනුව නීතිය නමන ලෙස නීතියේ සදහන් නොවේ.

    මේ සඳහා රාජකාරි පැහැර හැරීමේ චෝදනාව මත මේවා ආරක්ෂා කිරීමට කටයුතු නොකිරීම ,මහජන කැළඹීම් ඇති කිරීම ආදී චෝදනා ගණනාවකින් තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ උඩුදුම්බර පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුළ මනාව පැහැදිළිව දක්නට ලැබේ.තමන්ට රාජකාරිය නිසි ලෙස සිදු කිරීමට නොහැකිනම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුමය. මහජනතාව බලා සිටින්නේ නීතිය ක්‍රියාත්මක වනතුරුය.

    පොලිසිය ස්වාධීන කිරීමට නම් නව පොලිස්පතිවරයා හෝ පරණ පොලිස්පතිවරයා නැවත පොලිස්පති ධූරයට පත් වීමෙන් පසු හෝ පොලිස්පති ධූරය ලබාගැනීමෙන් පසු ඔහු කළ යුත්තේ වහාම නීතිය ක්‍රියාත්මක කිරීමමයි.

    පොලිස් නිලධාරින් තම රාජකාරි නිසි පරිදි සිදු නොකර නීතිය පසෙකලා තම අභිමතේට කටයුතු කරන්නේ නම් ඔබට ලැබෙනු ඇත්තේ මරණයෙන් පසු සුගතියක් නොව දුගතියකි.එම දුගතිය වර්තමානයේ ඔබට මියයාමට පෙරද දැකිය හැක.ඔබ මියයන්නට පෙර දහදුක් විද මරණ මංචකයේදී පවා ඔබට ඔබ පෙර කළ කී අපරාධ මැවි මැවී පෙනීම නිසා අවීචි මහා නරකාදියේ ඉපදීමටද අවස්ථාව ඔබ විසින්ම ජීවත්ව සිටින සමයේදීම සකසාගෙන ඇති බව පසක් වනු ඇත.

    ඔබට එය එසේ තේරෙන්නේ නොමැතිනම් ඔබට සිතන්නට ඇත්තේ එක් දෙයකි.එනම්, “ඔබ මහපාරේ ගමන් කරන විට බල්ලන් කපුටන් ඒ වාගේම කූඹින් ,පණුවන්,වැසිකිළි වලවල්වල දුක් විදින නර පණුවන් විවිධාකාරයේ තිරිසන් සතුන් ජීවත්වන දෙස බලමින් ඔබේ මරණයෙන් පසු අනිවාර්යයෙන්ම මෙවන් ජීවිතයක් උරුම වනු ඇති බවයි”.

    කෙසේ නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කටයුතු කළ යුතු ය.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version