බස් රථ ගාල් කිරීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවට මහනුවර බස් රථ රියදුරන් සහ රිය සහයකයින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
2017 වසරේදී මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ අංග සම්පූර්ණ බස් නැවතුම්පොළක් කිරීමේ කටයුතු ආරම්භ කළ නමුත් මෙතෙක් එහි කටයුතු අවසන් නොවීම හේතුවෙන් මොවුන් මෙම ගැටලුකාරී තත්ත්වයට මුහුණ දී ඇති බව සදහන්.
බස් නැවතුම්පොළ නවීකරණයත් සමග මහනුවරට පැමිණෙන බස් රථ මාර්ගය දෙපස නවතා තැබීම නිසා නගරයේ රථවාහන ගමනාගමනයට ද බාධා ඇතිව තිබේ.
එම නිසා ගුඩ් ෂෙඩ් බස් නැවතුම්පොළේ ඉදිකිරීම් නැවත ආරම්භ කරන තෙක් සිය බස් රථ ගාල් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටී.














































