ජනමාධ්‍ය සම්බන්ධයෙන් පෙනී සිටින ප්‍රබල ජාත්‍යන්තර සංවිධානයක් විසින් තෝරාගත් මාධ්‍යකරුවන් පිරිසක් සදහා මහනුවර නගරයේ ප්‍රසිද්ධ සුපිරි හෝටලයක දෙදිනක් පුරා පවත්වන රහසිගත සාකච්ඡාව පිලිබදව අනෙකුත් මෙරට ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය ආයතන නියෝජනය කරන මහනුවර මාධ්‍යකරුවන් නොසන්සුන් වී සිටිති .
ඒ සදහා මාධ්‍ය කරුවන් තෝරා ගත් ආකාරය හා එහිදී රහසිගතව කතා බහ කරන්නේ මොනවාදැයි අනෙකුත් මාධ්‍යකරුවන් මේ වන විට විමර්ශනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ .
ජනමාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙම ආයතනය විසින් ලේක්හවුස් ආයතනයේ මාණ්ඩලික මාධ්‍යකරුවෙකුගේ සහ ප්‍රාදේශීය මාධ්‍ය සංවිධානයක අයෙකු යොදා ගනිමින් මෙම සාකච්චාව සදහා මාධ්‍යකරුවන් තෝරාගෙන ඇති බවට තොරතුරු වාර්තා වන අතර මෙවැනි දැනුම්වත් කිරීමේ වැඩසටහන් සිදු කරන්නේ නම් ඊට සියලු මාධ්‍යකරුවන් සම්බන්ධ කරගත යුතු බවයි මහනුවර වෘත්තීය මාධ්‍යකරුවන් පවසන්නේ.
මිට පෙර බොහෝ අවස්ථාවල මෙවැනි සාකච්චා සිදු කිරීමේදීද කොළඹ සිට ක්‍රියාත්මක ජනමාධ්‍ය සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන ලේක්හවුස් ආයතනයේ මාධ්‍යකරුවෙකු ඔවුන්ගේ මහනුවර සම්බන්ධිකාරක ලෙස පත් කර ගැනීමත් ඔහු, ඔහුට හිතවත් මාධ්‍යකරුවන් අදාල වැඩසටහන් වලට සහභාගිකරවා ගැනීමත් නිසා මහනුවර මාධ්‍යයේ බරපතල බෙදීමක් ඇති වී ඇති බවද එම තත්වය ජනමාධ්‍යයේ ආචාරධර්ම වලට සමගියට විශාල බාධාවක් වී ඇති බවද ඊට විරෝධය පල කරන සෙසු මාධ්‍යකරුවන් පවසති .මෙම තත්වය හේතුවෙන් මහනුවර ජනමාධ්‍ය පිලිබදව වැරදි අවබෝධයක් මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පැතිර යන බවද ඔවුන් පවසති .
මෙම රහසිගත සාකච්චා වලට පසුව ඊට සහභාගී වන්නන් හට නොයෙකුත් මුල්‍ය අනුග්‍රහයන් හා විවිධ වරප්‍රසාද හිමි වන බව නොරහසක් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ . මෙම රහසිගත සංවිධානය කුමක්ද?. ඔවුන් කුමක් අරභයා මෙය කලේද යන්න නුදුරේදීම අනාවරණය වනු ඇත.













































