මහනුවර ශ්‍රී දළදා මාලිඟාව යනු බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බව අමුතුඑන් කිව යුතු නොවේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ සදහන් සියලුම කාර්යයන්වලට අයත් පළමු ස්ථානය මහනුවර ශ්‍රී දළදා මාලිඟාවයි. අධි ආරක්‍ෂිත කලාපයක් වන එහි ආරක්ෂාව පිලිබඳව සම්පූර්නයෙන්ම වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොලිසියයි. නමුත් අධි ආරක්‍ෂිත කලාපයේ සේවය කරන නාමික බෞද්ධයන්ගේ අබෞද්ධ පැටිකිරිය අප මීට පෙර ලියා තිබේ.
අද (02) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පළමු කුඹල් පෙරහැර ආරම්භ වේ. ලියාපදිංචි, පිළිගත් මෙන්ම වගකිව යුතු මාධ්‍ය ආයතන වෙනුවෙන් රජයේ ලියාපදිංචි මාධ්‍යවේදීන් පෙරහරේ කටයුතු ආවරණය කර ජනතාව වෙනුවෙන් සියල්ලම වාර්තා කල යුතුය. නමුත් පසුගිය වර්ශයේද පෙරහැර ආවරණය කිරීමට ගිය පිළිගත් මාධ්‍යවේදීන්ට දළදා මාලිඟාවේ මාධ්‍ය ඒකකයේ සේවකයන් විසින් දැඩිලෙස බාධාකිරීම් කර තිබුණි. ඔවුන්ගේ අවශ්‍යතාවය වන්නේ මාධ්‍යවේදීන්ගේ කට වසා තමන් දිගටම සිදුකරගෙන පැමිණි වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා කරගෙන යාමටයි. ඒ සදහා ඔවුන් භාවිතා කරන්නේ “ ශ්‍රී දළදා මාලිඟාවේ” නාමයයි.
මහනුවර මාධ්‍යවේදීන්ට පෙරහැර ආවරණය කිරීම සඳහා වෙනදා මෙන්ම මෙවරත් තාවකාලික හැදුනුම්පතක් නිකුත් කර තිබේ. පිළිගත් මාධ්‍යවේදීන්ට එවැනි හැදුනුම්පතක් අවශ්‍ය නැති වුවත් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට පරිපාලනමය වශයෙන් පහසුවීම සඳහා එවැනි හැදුනුම්පතක් ලබා දීම පෙරහරේ ආරක්ෂාවට අතිශයින්ම වැදගත් වේ. එය මාධ්‍ය වාර්තාකරණයට දැඩි පහසුවකි.
නමුත් එහි මාධ්‍ය අංශය මෙවර අමුතුම නාඩගමක් නටා තිබේ. එනම් පෙරහැර වාර්තාකරණය සඳහා සහභාගිවන පිළිගත් මාධ්‍යවේදීන්ට අවසරපත් දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකයෙන් නිකුත් කිරීමයි. මහනුවර සියලුම මාධ්‍යවේදීන් පාහේ එයට විරෝදය පා තිබෙන නමුත් කිහිපදෙනෙකු එම ස්ථානයට ගොස් අවසර පත් ලබාගෙන තිබේ. කෙසේ හෝ අවසානයේ දියවඩන නිලමේ වෙත එය සැලවීමත් සමගම ප්‍රදීප් නිලංග දෑල විසින් එම අවසරපත් වහාම මහනුවර පොලිසිය වෙත යවන ලෙස උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව මීට පැය කිහිපයකට පෙර එම ගැටලුව සමථයකට පත් වී තිබේ.