මහ මග මිනිසෙකු මරා දැමු ඩඩ්ලි සිරිසේන මහතාගේ මාධ්‍ය ලේඛම් බව කියන කාවින්ද ගමගේ යන අය “ බීමත්ව රිය පදවා” මෙම අනතුර සිදුකල බවට අප වාර්තා කරන ලදී. එම පුවතට ප්‍රතිචාර දක්වමින් කාවින්ද ගමගේ යන අය විසින් ඊයේ (27) අප ආයතනයට දුරකථන ඇමතුමක් ගෙන තිබුණි. ඒ අනුව අද (28) අපගේ නීතිඥ සේවය විසින් ඔහුට දුරකථන ඇමතුමක් ගෙන එම පුවතට අප සතුව තිබෙන සාක්ෂි මොනවාද යන්න ප්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් ඔහු විවිධ තර්ක ඉදිරිපත්කරමින් ඔහු බීමත්ව නොසිටී බව ප්‍රකාශ කරන ලදී. එසේම ඔහුගේ මාධ්‍ය ජීවිතය පිළිබඳවද ප්‍රකාශ කරන ඔහු සඳහන් කරනුයේ ක්ලබ් වසන්ත යන අය විසින් රාවණා ලංකා ආයතනයට මුදල් ලබා දී එම පුවත පලකල බවට කීර්ති රත්නායක නැමැත්තෙකු ප්‍රකාශ කල බවද ඔහු සඳහන් කරයි. අපට ඒ පිළිබඳව එම දෙදෙනාගෙන් ඇසීමට හෝ එම චෝදනාවට පිළිතුරු ලබා දීමට අවශ්‍ය නැති නමුත් කාවින්ද ගමගේ යන අය එදින රාත්‍රී කල දේවල් පිළිබඳව අපට ලැබී තිබෙන සාක්ෂි මත එම ලිපිය අප ලියා තිබේ. ඒ පිළිබදව පටිගත කිරීම් රාශියක් අපට ලැබී තිබේ. එසේම සමාජ මාධ්‍යද ඒ පිළිබඳව දැඩි කතා බහක් ඇති වූ විය.
නමුත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කරන බැවින් ඔහුගේ ප්‍රකාශයට ඉඩ දෙමින් මෙම ලිපිය අප පළකරනුයේ මාධ්‍ය සදාචාරයට ගරුකරමිනි. ඔහුගේ ප්‍රකාශයට අනුව ඔහු එදින තම වාහනය පදවා තිබෙන්නේ මත්ද්‍රවය භාවිතා නොකරමිනි. කෙසේ නමුත් මිනිසෙකු යට කර පළා යාම නිසා ඔහුට දැඩි මහජන අප්‍රසාදයක් ඇති විය. ඔහු තව දුරටත් ප්‍රකාශ කරන්නේ “ඔහු නිවැරදි බැවින් අධිකරණයද ඔහු නිදහස් කල බවයි”.
එසේම ඔහුට එරෙහිව අප පළකර තිබෙන පුවතින් ඔහුගේ කීර්තිනාමයට හානියක් වූ බවද ප්‍රකාශ කල ඔහු අවසන් වශයෙන් ප්‍රකාශ කලේ “ මම මේක එහෙම ලේසියෙන් අත් හරින්නේ නෑ” ලෙස තර්ජනයක්ද කරමිනි. කෙසේ නමුත් පුවත නිවැරදි කර දෙන ලෙසද ඔහු ඉල්ලීමක් නොකරන නමුත් ඔහුගේ ප්‍රකාශය අප පළකිරීම නීතිය වේ. කෙසේ නමුත් මුල් අවස්ථාවේ සිටම ඉතාම හොදින් කතා කරමින් සිට, ඔහුගේ පම්පෝරියට පිළිතුරු ලබා දීමේදී තර්ජනය කරමින් දුරකතනය ඔහු විසින්ම විසන්ධි කල බව පටිගත කිරීම්වලින් සනාත වේ.
එසේම අප අද මෙම ලිපියට භවිතා කර තිබෙන චයාරුපයද එදින සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එවැනි ගණනාවක්ම එදින සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ ඔහුගේ චයාරුපයද සමගිනි.
අදාළ පුවත පහතින්














































