ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යනු 2008 අංක 41 දරන පනතින් ස්ථාපිත රාජ්‍ය බැංකුවකි. 1990 අංක 02, 04, 18, 14 මෙන්ම 1988 අංක 30 යටතේ ගැනෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 154 වැනි ව්‍යවස්ථාවට අනුව කටයුතු කල යුතු බව පනතේ 33 වැනි වගන්තියද සදහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සෑම පළාතකම කෘෂිකර්මාන්තය, කර්මාන්ත, වෙළෙඳාම දියුණු කිරීම, ප්‍රවර්ධනය කිරීම, වාණිජ, පශු සම්පත්, ධීවර කටයුතු සහ කාන්තාවන් සවිබල ගැන්වීම සදහා ප්‍රධාන වශයෙන් ක්ෂණික මූල්‍ය ආධාර ලබා දීමෙන් මුල්‍ය ආයතන සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ආර්ථිකමය වශයෙන් සංවර්ධනය කිරීම මෙම බැංකුව ස්ථාපනය කිරීමේ අරමුණ විය
ඒ අනුව පූර්ණ රාජ්‍ය බැංකුවක් ලෙස ස්තාපනාය වී ඇති ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යනු රාජ්‍ය ආයතනයකි. රාජ්‍ය ආයතන සියල්ලටම බලපාන ලෙස පසු ගියදා නව මහා බැංකු අධිපතිවරයා චක්‍රලේඛයක් නිකුත් කෙරුනේ සියලු ප්‍රසම්පාධන කටයුතු තාවකාලිකව අත් හිටු වීමට ඇති හැකියාව ආදිය දෙස සලකා බලා කටයුතු කරන ලෙසයි.
කෙසේ නමුත් එම නිවේදනය නිකුත් කිරීමට පෙරම ගොඩනැගිලි ඉදිකිරිම හා කුලියට ගැනීමට නැවැත්වීම සදහාද චක්‍රලේඛ නිකුත් කර තිබුණි. ඒ හා සමාන විවිධ චක්‍රලේඛ ගනනාවක් නිකුත් කර තිබුණි. එසේ තිබියදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ගොඩකවෙල ශාඛාව වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ එක හමාරක වියදමින් නව ගොඩනැගිල්ලක් ගැනීමට කටයුතු කර තිබේ. එසේම මේ මස 04 වැනිදා එම නව පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට මේ වන විටත් ලහි ලහියේ සූදානම් වන බව අප වාර්තාකරු පවසයි.
එම ගොඩනැගිල්ල ලබා ගැනීමට සැලසුම් කර තිබේ ඇත්තේ මීට මාස ගනනාවකට පෙර වන නමුත් සියලුම චක්‍ර ලේඛ වලට පිටින් යමින් මෙසේ කටයුතු කරන්නේ නම් රාජ්‍ය සේවකයන් මෙන්ම බැංකු නිලධාරින්ද වෙනම ගෝත්‍රිකයන් කොටසක් නම්, මහා බැංකුව ,මගින් දෙන නියෝග බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය පිලිනොගන්නේ නම් අප රටක් ලෙස ඉදිරියට යන්නේ කෙසේද?. මේවා පිළිබදව වගකීමෙන් කටයුතු කිරීමට, නාස්තිය නැවැත්වීමට කටයුතු කිරීමට මහබැංකු අධිපති නියෝග දිය යුතු නොවේ. ජනතාවගෙන් වැටුප් ලබමින් සැප විඳින ඔවුන්ගේ වගකීම වන්නේ ජනතා වාදී ලෙස කටයුතු කිරීමයි.
ඊට අමතරව ගොඩකවෙල මෙම නව පරිශ්‍රය සදහා ලක්ෂ 10 කට ආසන්න මුදලක් වියදම් කර අලුතින්ම විදුලි උත්පාදන යන්ත්‍රයක්ද මිලදී ගෙන ඇති අතර තවත් ලක්ෂ ගනනාවක් වියදම් කරමින් නව පරිශ්‍රය ඇතුලත නවීකරණ කර තිබේ. මේ සියල්ලම සිදු කිරීමට කටයුතු ආරම්භ කර තිබෙන්නේ සති දෙකක් වැනි කාලයක් ඇතුළතයි.
බැංකු නිලධාරීන්ට ආර්ථිකය ගැටළුවක් නැති බව පෙනී යයි. ජනතාවගේ පොලි මුදලින් අසීමිත වැටුපක් ලබන ඔවුන්ට ලබා දෙන ණය පහසුකම් පවා ලබා දෙන්නේ ඉතාම අඩු සහන පොලියකටය. එබැවින් රටේ කුමන තරාතිරමක පුද්ගලයන්ට ආර්ථික ගැටළු තිබුනත්, පවතින ආර්ථිකයෙන් ජනතාව බැටකන්නේ කෙසේද යන්න ඔවුන්ට දැනෙන්නට හැගීම් දැනීම් නැති බව පෙනී යයි.
ජනතාව වෙනුවෙන් පියවරෙන් පියවර රට ඉහලට ගැනීමට නව මහා බැංකු අධිපතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද වෙසෙද්දී, ඔවුන්ට එරෙහිව යමින් මෙසේ කිරීමට තීරණය කරන ලද ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව “දූෂණය” යන කොටසෙන් නීතිමය කටයුතු කල හැකි අතර, ආයතන සංග්‍රහය යටතේද විනයානුකූලව කටයුතු කල හැකිය. රට ගොඩනැගීමට අවශ්‍ය නම් ප්‍රථමව නීතියට අනුව වැඩ නොකරන මාෆියාව බිඳ දමන්න.
යම් තීරණයක් ගැනීම මණ්ඩලයක් මගින් ගත්තද එය නීතිවිරෝදී සහ රටේ ආර්ථිකය විනාශ කරමින් ජනතාව තව දුරටත් පීඩාවට ලක්වන තීරණයක් නම් ඒ සදහා සමස්ත මණ්ඩලයටම විරුද්ධව නීතිය එක සේ ක්‍රියාත්මක විය යුතු බව නීතිය තුල සඳහන් වේ.