English
සිංහල
15:45 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මහින්දගේ හොරකම් ක්‍රමයට අනුව සිදු වු ඉමියොනොබ්ලොබින් වංචාව

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    (ශ්‍රී ලංකාවේ මහා දවල් හොරකම් කිරීමට දායක වන්නේ මහින්ද රාජපක්ෂ විසින් ගෙන එන ලද 2006 අංක 49 දරණ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව, විගණාකාධිපගේ කොන්ද කැඩීම, පාර්ලිමේන්තුව රූකඩයක් බවට පත් කිරීම, අධිකරණයට අත තැබීම සහ සියලු ස්වාධීන විමර්ශන ක්‍රමයන්වල කොඳු කැඩීමේ ප්‍රතිපලයක් ලෙසය. ⁣දිනපතා සිදු වන බිලියන් ගණන් වංචා වලින් අසු වුයේ සෞඛ්‍යයේද එකක් පමණි. ගොඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම් බවට පත්කරමින්, සමාජය තුල භීතියක් ඇති කරමින් රටේ හොරකම් සාමාන්‍ය දෙයක් බවට පත්කලේ මෙම ටෙන්ඩර් ක්‍රමයයි. හොරකම ව්‍යංගයෙන් නීතිගතව තිබෙන බැවින් නීතියක් ක්‍රියාත්මක කිරීම ලේසි නොවනු ඇත. අතීත වැරදි වර්තමානය ගැට වලට හිර කර තිබේ. මෙම පනත මාර්ගොපදේශ සංග්‍රහය ගෙන ඒමට දායක වු සියළුම දෙනා පාහේ අදත් පාර්ලිමේන්තුවේ සිටිති. ඉමියොනොබ්ලොබින් නම් වු වංචාව පිළිබදව දිවයින පුවත් පතේ වාර්ථාවක් පහත දැක්වේ)

    සමාජ ක්‍රියාකාරීන් වන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන (සභාපති, රජයේ වෛද්‍යවරුන්ගේ සංසදය), දැනට වැඩ තහනමකට ලක්වී සිටින වෛද්‍ය චමල් සංජීව, රවී කුමුදේශ් (සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය) සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු කණ්ඩායම ඇති කළ තෙරපීම නොවන්නට ඉමියුනොග්ලොබියුලින් වංචාව ද යටපත් කිරීමට අවස්ථාවක් තිබිණි. නමුත් සමාජ මාධ්‍ය ඇතුළු සියලුම මාධ්‍ය කළ නොනවතින මෙහෙයුම හේතුවෙන් රජයට මෙම අපරාධය සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ නිවැරදි පරීක්ෂණයක් විය යුතු බවට රජයට අවධාරණය කර ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂය අභිබවා සෞඛ්‍ය අමාත්‍යාංශය කරන අකටයුතුකම් සම්බන්ධයෙන් ඉහත සඳහන් පුද්ගලයන් සහ සංවිධාන ඒකරාශී වීම ප්‍රබල අවශ්‍යතාවයකි.
    මහා බ්‍රිතාන්‍යය ලංකාවට 1948 නිදහස ලබා දීමෙන් පසුව කිසිම අවස්ථාවක මුහුණ නොදුන් තවදුරටත් උත්සන්න වෙමින් පවතින දේශපාලනික . ආර්ථික .සමාජීය අර්බුදයක රට ගිලී ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් මෙම අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.
    කෙසේ හෝ බලය ලබා ගැනීම සහ එය රැකගැනීම මතම ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ දේශපාලනය නව වසරේදීද සුපුරුදු විනාශකාරී ක්‍රියාදාමයේ යෙදෙන බවට සැකයක් නැත. එම තත්ත්වය අනිවාර්යෙන්ම උත්සන්න වන්නේ 2024 ජාතික තලයේ මැතිවරණයක් පැවැත්වීමට නියමිත නිසාය. නමුත් පළාත් පාලන ඡන්දය මීට මාස නමයකට පමණ පෙර අතුරුදන් කළ වික්‍රමසිංහ . රාජපක්ෂ ආණ්ඩුව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අතුරුදන් කළත් පුදුම වීමට දෙයක් නැත. ඒ පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් රටේ ඉහළම උසාවිය මාර්තු මාසයේ නිකුත් කළ නියෝගය ද ආණ්ඩුව ක්‍රියාත්මක නොකළ පසුබිමක් තුළය. 2025 වසරේදී මහමැතිවරණය සම්බන්ධයෙන් කීමට ඇත්තේද එයමය. විපක්ෂය ද දැනටම ආණ්ඩුවේ අනාගත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ‘බිය’ පල කර ඇත.
    විධායකය සහ ව්‍යවස්ථාදායකය (කවුරු /කුමන පක්ෂය බලයේ සිටියත්) ජාතික ආර්ථිකයට කර ඇති හානිය රටට දරාගත නොහැක. මෙවර දහහත් වැනි වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දනින් වැටී ඇති ශ්‍රී ලංකාව රට බංකොළොත් වී ඇති බවට නිල වශයෙන් 2022 අප්‍රේල් මාසයේ ප්‍රකාශ කිරීමෙන් පසුවවත් දූෂිත මාර්ගයෙන් ඉවත් වී නැත. එම තත්ත්වය අවධාරණය කිරීමට දිය හැකි සුදුසුම උදාහරණය මෑතකදී හෙළිදරව් වූ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද මහ පොළව නුහුලනා මානව ප්‍රතිදේහ වංචාවයි. එය ජීවිතය සහ මරණය අතර සටනක යෙදී සිටින අසරණ පිලිකා රෝගීන් මෙන්ම සමස්ත රෝහල් පද්ධතියම රවටා උපරිම මුදලක් උපයා ගැනීමට ක්‍රියාත්මක කරන ලද මහා අපරාධයකි. නමුත් මේ ආකාරයෙන් ක්‍රියාත්මක කළ පළමු අපරාධය ඉමියුනොග්ලොබියුලින් වංචාව නොවේ.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වන කෙහෙළිය රඹුක්වැල්ල යටතේ එවකට පැවති සෞඛ්‍ය අමාත්‍යාංශය (2021 අගෝස්තු . 2023 ඔක්තෝම්බර්) රෝගීන්ට දීමට මිලට ගත් (Human Immunoglobulins) මානව ප්‍රතිදේහ එන්නත්වල, ඉමියුනොග්ලොබියුලින් නොහොත් ප්‍රතිදේහ තිබුණේම නැත.
    හිටපු රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ මහාචාර්ය චන්න ජයසුමන මෙම ලියුම්කරු කළ විමසීමකදී අවධාරණය කළේ ඉන්දියාවේ නිෂ්පාදිත මානව ප්‍රතිදේහ බවට හඳුන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව තුළ පිරවූ කිසිදු ඖෂධීය (පිලිකා රෝගීන් බලාපොරොත්තු වන) වටිනාකමක් නොමැති දියර බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මෙන්ම මෙම රජයත් ‘හොඳටම’ කර ඇති බව නැවතත් තහවුරු කර ඇත.
    ඉන්දියාවේ ගුජරාට් හි පිහිටි ආයතනයක නිෂ්පාදනය කර තිබූ බවට ප්‍රකාශ කර තිබූ එම ජීවිත රකින බෙහෙත කුප්පිවලට යම්කිසි දියර මිශ්‍රණයක් තිබුණේ පුරවා සීදුව ප්‍රදේශයේදීය. සමස්ත මිලදී ගැනීමේ ක්‍රියාවලිය එවකට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අධීක්ෂණය යටතේ හදිසි කටයුත්තක් ලෙස ක්‍රියාත්මක කර තිබිණි. දැනට මාලිගාකන්ද අධිකරණය ඉදිරියට පමුණුවා නව වසරේ ජනවාරි 10 දක්වා සිරභාරයට පත්කර ඇති පුද්ගලයන් හය දෙනා අතර පරිපාලන සේවයේ (විශේෂ ශ්‍රේණියේ) නිලධාරියකු වන විශ්‍රාමික චන්ද්‍රගුප්ත ද සිටී. රහස් පොලිසිය චන්ද්‍රගුප්තව අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් විශ්‍රාම ගිය පසුවය.
    මෙම ක්‍රියාදාමය සිදුවන අවස්ථාවේ රඹුක්වැල්ල අමාත්‍යවරයා එජාප නායක රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් 2021 අගෝස්තු මාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත් රඹුක්වැල්ල අමාත්‍යවරයාට ඉමියුනොග්ලොබියුලින් සම්බන්ධයෙන් ඔහුගේ අමාත්‍යාංශයට එරෙහිව කර ඇති චෝදනාවලින් මගහැර ගිය නොහැක. ඒ එතුමා අදාළ විෂය භාරව සිටි අමාත්‍යවරයා නිසාය.

    මෙවර ලිපිය ඉමියුනොග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් නොවේ. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන කැබිනට් මණ්ඩලයේ වගකීම සහ වගවීම පිළිබඳව විමසා බැලීමකි. එලෙසම මෙවැනි අතිශය සංවේදී අවස්ථාවකදී ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය සාමුහිකව කෙලෙස ක්‍රියා කළ යුතුද යන ප්‍රශ්නයද පැනනැඟේ. එලෙසම රඹුක්වැල්ල අමාත්‍යවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටු පක්ෂයට) ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් ‘ගනුදෙනුව’ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ නොහැක.
    පාර්ලිමේන්තුව ද මෙම තත්ත්වයට වගකිවයුතු නොවේද? පාර්ලිමේන්තු ක්‍රමය තුළ ඉමියුනොග්ලොබියුලින් ‘ගනුදෙනුව’ සම්බන්ධයෙන් අවධානය යොමු නොවූයේ මන්ද? විශේෂයෙන්ම පසුගිය සැප්තැම්බර් මාසයේ රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඡන්දය දුන් සියලුම කැබිනට් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ අවධානය ඉමියුනොග්ලොබියුලින් වංචාවට යොමු විය යුතුය. මැති ඇමැතිවරුන් 113 රඹුක්වැල්ල අමාත්‍යවරයා සමග සිටගත් අතර, 73 දෙනකු ඔහුට එරෙහි විය. මැති ඇමැතිවරුන් 38 දෙනකු තම ඡන්දය පාවිච්චි කිරීමට පැමිණියේ නැත.
    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉමියුනොග්ලොබියුලින් ‘ගනුදෙනුව’ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම තීරණයක් ගැනීමට සිදුවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ විගණන වාර්තාවට අනුව ක්‍රියාත්මක වූ රොෂාන් රණසිංහට තම අමාත්‍යධූරය අහිමිවිය. විගණන වාර්තාවට වූ දෙයක් නැත.
    ව්‍යවස්ථානුකූලව අමාත්‍ය මණ්ඩලයට කැබිනට් අමාත්‍යවරු 30 දෙනකු පත්කිරීමට අවස්ථාව ඇතත් වර්තමාන කැබිනට් මණ්ඩලයේ සිටින්නේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළුව 20 දෙනකු පමණය. රනිල් වික්‍රමසිංහ 2022 ජුලි මාසයේ තුන්වැනි සතියේ 8 වන ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු ඡන්දයකින් පත්වූ පසුව කැබිනට් මණ්ඩලය නියෝජනය කළ පරිසර අමාත්‍ය නසීර් මොහමඩ්ට සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට තම අමාත්‍යාංශ අහිමි විය. එම අමාත්‍යාංශ දෙකම ඒ වනවිටත් කැබිනට් මණ්ඩලය නියෝජනය කළ රඹුක්වැල්ල (පරිසර) ලෙසත් හරින් ප්‍රනාන්දු (ක්‍රීඩා) පත්කිරීම හරහා ජනාධිපතිවරයා නව අමාත්‍යවරුන් පත්කිරීමෙන් වැළකී සිටියේය. ජනාධිපතිවරයාගේ තීරණය පොහොට්ටු පක්ෂයේ බලවත් අසතුටට හේතු වුවත් ජනතාවට ප්‍රශ්නයක් නොවේ.
    කෙසේ වෙතත් ඉමියුනොග්ලොබියුලින් ‘ගනුදෙනුව’ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කර හැරිය නොහැක. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම පිළිබඳව විමසා බැලිය යුතු වන්නේ ජනාධිපතිවරයාගේ විධායක බලතල පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරන්නේ අමාත්‍යවරුන් නිසාය. පොහොට්ටු පක්ෂයට ද යමක් මතක්කර දිය යුතුව ඇත.
    පසුගිය ඔක්තෝබර් 23 දින ජනාධිපතිවරයා සුව අමාත්‍යාංශය වෛද්‍ය රමේෂ් පතිරණට පවරා රටේ ඉහළම අධිකරණය විසින් නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම නිසා ඇතිවූ හිස්වූ පරිසර අමාත්‍යධුරයට රඹුක්වැල්ල පත්කිරීමට එරෙහි වූ බලයේ සිටින එම පක්ෂය ඉමියුනොග්ලොබියුලින් ‘ගනුදෙනුව’ සම්බන්ධයෙන් තම ස්ථාවරය ජනතාවට ඉදිරිපත් කළ යුතුය.
    කැබිනට් මණ්ඩලය දැනුවත්ද?
    2019 ජනාධිපතිවරණයෙන් පසුව කැබිනට් මණ්ඩලයෙන් අමාත්‍යවරු හතර දෙනකු ඉවත් කර තිබේ. හැට නම ලක්ෂයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2022 මාර්තු 3 වන දින එවකට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ (නායක, ජාතික නිදහස් පෙරමුණ) සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල (නායක, පිවිතුරු හෙළ උරුමය) කැබිනට් මණ්ඩලයෙන් නෙරපා හැරියේය.
    ඊට හේතු වූයේ එම අමාත්‍යවරුන් දෙදෙනා ඇමෙරිකානු නිව් ෆොට්‍රස් එනර්ජි (New Fortress Energy) සමාගමට කෙරවලපිටියේ පිහිටි යුගදනවි තාප බලාගාරයේ කොටස් 40% විකිණීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීම නිසාය. එම ක්‍රියාවලියට සම්බන්ධ වූ කැබිනට් අමාත්‍ය වාසුදේව නානායක්කාරට (නායක, නව වාමාංශික පෙරමුණ) එම ඉරණම හිමි වූයේ නැත. නමුත් ඔහු තම සගයන් දෙදෙනා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් පසුව කිසිදු කැබිනට් රැස්වීමකට සහභාගි වූයේ නැත. එතුමාගේ ස්ථාවරය ජනතාවගේ ගෞරවයට පාත්‍ර විය යුතුය.
    අධිකරණ ක්‍රියාමාර්ගය අසාර්ථක වුවත් එම අමාත්‍යවරු තිදෙනා මීට පෙර කිසිදා සිදු නොවූ දෙයක් කර පෙන්වීය. එනම් කැබිනට් මණ්ඩලය තුළ තීන්දු තීරණ ගැනීමේ සමස්ත ක්‍රියාවලියේම බරපතළ ප්‍රශ්නයක් තිබෙන බවත් එවැනි තත්ත්වයක් තුළ තමන්ට රටේ ඉහළම අධිකරණයට යෑමට අවස්ථාවක් ඇති බවයි. කැබිනට් මණ්ඩලය තුළ අක්‍රමිකතා සිදුවන බවයි. අමාත්‍යවරු තිදෙනෙක් අධිකරණයට යෑම ඉමියුනොග්ලොබියුලින් වංචාව පසුබිම තුළ නැවත විමසා බැලිය යුතු නොවේද?
    තමා සෞඛ්‍ය අමාත්‍යධුරය දැරූ කාලය තුළ ඉමියුනොග්ලොබියුලින් වංචාව සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් තමන් රහස් පොලිසියට ඔක්තෝබර් 02 දින පැමිණිලි කර නීතිපතිවරයා ද නිල වශයෙන් දැනුවත් කළ බව රඹුක්වැල්ල අමාත්‍යවරයා ජනාධිපති නීතිඥ යූ. ආර්. සිල්වා (නීතිඥ සංගමයේ හිටපු සභාපති 2017.2019) මාර්ගයෙන් රහස් පොලිසියේ අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ වෙත දෙසැම්බර් 25 දින කළ ලිඛිත දැනුම්දීම අනුව ඊට පසුදිනම අමාත්‍යවරයාගේ නිල නිවාසයේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීම පොලිසිය වේගයෙන්ම ක්‍රියාත්මක වූ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය. අමාත්‍යවරයා එලෙස රහස් පොලිසියට ආරාධනා නොකළා නම් පොලිස් මූලස්ථානය එතුමන්ව ප්‍රශ්න කරන්නේ නොමැතිද?
    ඉමියුනොග්ලොබියුලින් අපරාධයට අදාළ තමන් සතු සියලු ලිපි, සැකකරුවන් ප්‍රශ්න කරන අභ්‍යන්තර වීඩියෝ පටයක්, ගුජරාට් ආයතනයෙන් ලැබූ තොරතුරු සහ පළමුවන සැකකරුවන සුදත් ජනක ප්‍රනාන්දු තමන්ට එවා ඇති තර්ජනාත්මක ඊමේල් පණිවිඩය රහස් පොලිසියට ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට නිසි ගෞරවය හිමිවිය යුතුය. නමුත් තමන් ඉමියුනොග්ලොබියුලින් අපරාධය සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එතුමා කැබිනට් මණ්ඩලය නිල වශයෙන් දැනුවත් කිරීමට කටයුතු කළ බවක් ජනාධිපතිවරයා තම නීතිඥවරයා හරහා රහස් පොලිසියේ අධ්‍යක්ෂකට යැවූ ලිපියේ සඳහන් නොවේ.
    එලෙසෙම කැබිනට් මණ්ඩලය මෙම ආන්දෝලනාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් යම් විමසීමක් කළ බවට මෙතෙක් අනාවරණය වී නොමැත. යුගදනවියට එරෙහිව කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් අධිකරණයට යෑමෙන් පසුවවත් අමාත්‍ය මණ්ඩලය නිවැරදි මාර්ගයට පැමිණි නැත. කැබිනට් මණ්ඩලයට අතපසු වීම් සිදුවිය නොහැක. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා (නොවැම්බර් 2019.ජුලි 2022) සහ එම කාලය තුළ මුදල් අමාත්‍යවරු ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් රට බංකොළොත් වීමට හේතු වූ තීන්දු තීරණ ගනු ලැබූ බවට අධිකරණය නොවැම්බර් 14 දින කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයට කිසි දිනක වෙනස් කළ නොහැකි කළු පැල්ලමකි.
    මෙවැනි තත්ත්වයක් තුළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගියදා ලන්ඩනයේ පැවති, ජාතික නිදහස් පෙරමුණේ එක්සත් රාජධානි කමිටුව විසින් සංවිධානය කළ “9න් පසුව ශ්‍රී ලංකාවේ ඉරණම?” සංවාදශීලී සම්මන්ත්‍රණයෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ‘ඩොලර් අර්බුදය සහ රුපියල් අර්බුදය’ සම්බන්ධයෙන් පලකළ අදහස් ආන්දෝලනාත්මකය.
    හිටපු අමාත්‍යවරයා මෙලෙස පැවසීය: “මේ අර්බුදය ලෙස ආවේ කාරණා දෙකක්. එකක් තමයි විදේශ විනිමය අර්බුදය. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ණය වාරිකය නිසි පරිදි ගෙවීමට සහ එදිනෙදා සාමාන්‍ය ආනයන කටයුතුවලට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය ශ්‍රී ලංකා ආර්ථිකය තුළ නොතිබීම. මේ ඩොලර් අර්බුදය උත්සන්න වෙනකොටම ඉන්දියාවේ එවකට හිටපු මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ, එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කියනවා, ‘රුපියල ඔහේ පා කරලා නොහැරියොත් ඉන්දියාවෙන් ලැබෙන ඉතිරි ඩොලර් බිලියන දෙක තුන ලැබෙන්නේ නැහැ’ කියලා.
    ගෝඨාභය රාජපක්ෂ මහතා ‘මේ මොහොතේ රුපියල පා කර හැරීම නිවැරදිද?’ කියා විමසන්නේ යහපාලන ආණ්ඩු සමයේ හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගෙන්. ඔහු කියනවා, ‘ඒක තමයි මේ මොහොතේ කරන්න ඕනේ හොඳම දේ’ කියා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රුපියල පා කර හරින්න තීරණය කරනවා. ඒක තමයි මේ අර්බුදයට මුල් වූ අනෙක් කාරණය. එනම් රුපියල් අර්බුදය. ඒ අනුව අපට පැහැදිලියි එකක් ‘ඩොලර් අර්බුදය’, අනෙක ‘රුපියල් අර්බුදය’ කියා.”
    ජනාධිපතිවරයා එදා තීන්දු තීරණ සහ රජයේ ප්‍රතිපත්තිය තීරණය කළේ මිලින්ද මොරගොඩ සහ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි උපදෙස් මත පමණක් නම් නැවතත් අවධාරණය කළ යුතු වන්නේ කැබිනට් මණ්ඩලයේ වගකීම සහ වගවීම බරපතළ ගැටලුවක් පවතින බවයි.
    ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

    (divaina.lk)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version