අසමත් “ගෝඨා” ගම වටේ පිළිසඳර අවසන් කළේ ජනතාව පොහොර ඉල්ලා ප්‍රසිද්ධියේ බහින් බස් වීමත් සමගය. ඉන්පසු අරගලය ගෝඨා එලවා දමන ලදී. දැන් ගෝඨා ලෝකේ වටේ පිළිසඳරක යෙදෙයි. ගෝඨාගේ අසමත් කම හා ඔහුගේ අපරාධකාරී අතීතය ලොවම දනී. එක කුස උපන් මහින්ද, බැසිල්,චමල් ඇතුළු සැම දෙනාම ගෝඨා කව්දැයි දැන සිටියෝය .ගෝටා ට වයස 70 දී රටක් භාර දෙන්නට තීරණය කළෝ කව්රුද? මා පළමුව 2019 දී සවස ගම්මන්පිල ගේ ලීක් කළ හඬ පටයක් ඇසීමි. ඒ ලීක් කීරීම ගෝටා ගෙන ඒමේ පළමු පියවරයි. විමලා විරවංශ..ගොම්මනේ පිල ගෝඨා ගෙන ඒමේ පුරෝගාමියෝ විය. ගෝටා රටින් එලවා දැමුවද ඔවුන් දෙදෙනා තවත් තකතීර් ලා මහතීර් ලා කිරීමේ අපේක්ෂාවෙන් රට තුළ සිටිති.
ජොන්ස්ටන් ල මහින්දානන්ද ලා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,පොහොට්ටුව ඇතුළු ඒ අශුද්ධ සන්ධානයේ සියළුම දෙනාද තවමත් ලංකාවේ දේශපාලනය කරති. ගෝඨා පෙන්වා බලය ලබාගෙන ජනාධිපති සමාව ලැබූ, මැති ඇමතිකම් ගත් ,රටේ මුදල් වංචනික ලෙස ඉපයීම වෙනුවෙන් බිලියන ගණනක නඩු නිදොස් කොට නිදහස් කරගත් නිලධාරීන්, දේශපාලුවන් සියළු දෙනාම රට තුලය. ගෝඨා නීතිමය වශයෙන් සුදුස්සකු නොවීත් මැතිවරණයට ඉදිරිපත් කරන්නට ජාතියම හා ලෝකයම රැවටු අලි සබ්‍රි තවමත් ලංකාවේය. එහෙත් ඔවුන්ගේ ගැලවුම් කරුවා ලෙස සලකා හිරු දෙරණ මාධ්‍ය මගින් ගෝටාගේ වැසිකිලි යාම පවා පෙන්වූ මාධ්‍ය හිමිකරුවන් තවමත් රටේය. ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රීඩා ඇමති හමුවන්නට යන්නට එක්කරගෙන ගොස් ලක්ෂ්මන් පෙන්වන හා වන්දවන , ගෝඨා ගෙන ඒමටත් එවැනිම බේගල් ඇද බෑ ප්‍රාදේශීය දේශපාලුවන් ද රට තුළය. කාබනික ලණුව දුන් රතන, පාදෙණිය ද රට තුලය. තනි සිංහල ආණ්ඩුවක් පැතු පෙරහරේ ගොස් මන්දිරේ උපදෙස් දුන් චීවර සෙට් එකද යහමින් සෙමෙන්ය. තාමත් දානය ලැබෙති.
තම එක කුස උපන් සහෝදරයා බිල්ලට දී බලය වෙනුවෙන් ඔහුගේ විශ්‍රාමික දිවිය පවා බිල්ලට දුන් මයිනා, සිරිලිය ඇතුළු හොර ආචාර්ය වරු නඩයද රට ඇතුළේය. තම එකකුස උපන් සහෝදරයාට තනතුර අහිමි වූ විට පිං ජනපති වෙන්නට සිහින දුටු කපුටාද තවමත් රටේය. ඒ අනුව ගෝටා ගෙන ඒමට 69 ලක්ෂය පෙළ ගැස්වීමට සිටි සියළු දෙනාම තවමත් රටේය. ඔවුන් නැවතත් එවැනිම ආකාරයෙන් ජනතාව රැවටීමට, ජනතාව ඇන්දීමට හා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කෙනෙකු ගෙන ඒමට දත කමින් සිටිති. එවැනි කෙනෙක් දැන් තාවකාලිකව ගෙනවිත් ඇත. ඉදිරියේදී ද උත්සාහ කරනු ඇත. මේ සමුහය හා මේ දේශපාලන ගණිකාවන් පිරිස තම වෘත්තීය ඉදිරියේදී අත්හැරිතයි සිතීම විහිළුවකි. ගෝඨා පාවඩ එලා ගෙන්වා ගත් පරිදි ලෝකේ වටේ පිළිසඳරේ යනවිට හිරු දෙරණ පස්සෙන් යන්නේ නැත. අරුමයකි..ඔවුන් යහතින්ය..හොඳින් ය.
ගෝඨා තේරුම් ගත යුතුව තිබුණේ එක කුස උපන්නත් පර්සි යනු මෘගයකු බවත්, ඔහුට ආදරය කරමින් ඔහු වටා ඉන්නා සියළු දෙනාම ඔහුට සමාන බවත්ය. තමන්ට නොහැකි නම් කව්රු කීවත් එවැනි තනතුරු වලට ඉදිරිපත් නොවී ඉන්නට ගෝඨා ට හැකිව තිබුණි. ලෝකේ වටේ සවාරියට සුබ ගමන්..
ටිකිරි සුභාෂනී














































