පසුගිය 9 වැනිදා සිදුවීම මුල්කරගෙන රට තුල සිදු වූ දැවැන්ත හානියට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මේ වන තෙක්ම කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම නිසා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කළ පැමිණිල්ලකින් මෙසේ නඩු පැවරීම සිදු කර තිබේ.
මේ සිද්ධිය පිලිබදව මූලික විමර්ශනයක් පවත්වා මෙසේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාට එම නියෝගය නිකුත් කර තිබේ.
එහිදී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 20 දෙනෙකුට නඩු පවරා තිබෙන අතර ඉන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 17 දෙනෙකුට රටින් පිටවීම තහනම් කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (මැයි 12) මෙම නියෝගය නිකුත් කරනු තිබෙන අතර අදාළ නම් ලැයිස්තුව පහත දැක්වේ.
මහින්ද රාජපක්ෂ
ජොන්ස්ටන් ප්‍රනාන්දු
සනත් නිශාන්ත
පවිත්‍රා වන්නිආරච්චි
රෝහිත අබේගුණවර්ධන
නාමල් රාජපක්ෂ
සංජීව එදිරිමාන්න
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය
පොලිස් ස්ථානාධිපති ගුණරත්න
පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු
ඩ්‍රෑන් ප්‍රියසාද්
මහින්ද කහඳගම
රේඛා කහඳගම
සුගත් හේවාපතිරණ
වසන්තා හඳපාන්ගොඩ
සංගීත් සිල්වා
යන පුද්ගලයන් මේ පිරිසට අයත් වේ.
නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, සාපරාධී බිය ගැන්වීම, කැරලි ගැසීම, අන්තරාදායක ආයුධවලින් තුවාල සිදු කිරීම, හිරිඔතප් බිඳීමේ අදහසින් ස්ත්‍රියකට අඩන්තේට්ටම් කිරීම, කැරැල්ලක් ඇතිකරවීමේ අදහසින් නිකරුණේ ප්‍රකෝප කිරීම, නීති විරෝධී රැස්වීමකට කුලියට ගනු ලැබූ තැනැත්තන් හට නවාතැන් ලබා දීම ඇතුළු චෝදනා 15ක් යටතේ එම පිරිසට එරෙහිව පැමිණිල්ල ගොනුකර තිබිණි.
ශ්‍රී රාවණා සටහන
ඉදිරිපත්ව තිබෙන වීඩියෝ දර්ශන වලට අනුව විවිධ පුද්ගලයන්ට එරෙහිව විවිධ චෝදනා එල්ල වේ. කෙසේ නමුත් පොලිස් පරීක්ෂණවලදී සාක්ෂි නැති බව පවසමින් නම් ඉවත් කිරීමටද ඉඩ තිබේ. කෙසේ වුවත් මෙහිදී පොලිස් පරීක්ෂණ නිසි ලෙසම සිදු කිරීමට සිදුවනු ඇත. හේතුව නම් මේ අවස්තාවේ යමෙකු බේරා ගැනීමට කටයුතු කළහොත් අදාළ පොලිස් නිලධාරියාටද ගැටළු ගනනාවකට මුහුණ දීමට සිදු වේ.














































