නව සහකාර ධිපතිවරුන් සිව් දෙනෙක් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා පත්කර ඇත.
මහ බැංකුව නිවේදනය කළේ පසුගියදා පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙක් මෙලෙස සහකාර අධිපතිවරුන් ලෙස උසස් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක පරිදි කේ.ජී.පී.සිරිකුමාර, ඩී.කුමාරතුංග, යූ.එල්.මුතුගල සහ සී.පී.එස්.බණ්ඩාර යන මහත්ම මහත්මීන් මෙලෙස පත්කර ඇත.















































