රජයේ මුද්‍රණාලයට භාණ්ඩ සැපයූ සැපයුම්කරුවන් පහළොස් දෙනෙකුට මහ භාණ්ඩාගාරය රුපියල් කෝටි 50කට අධික මුදලක් මෙතෙක් ගෙවා නොමැති බවට වාර්තා වේ.
මෙලෙස හිග මුදල් ගෙවීමට ඇත්තේ කඩදාසි ,ටෝනර්,තීන්ත සැපයුම්කරුවන්ට වන අතර හිග මුදල් කොටස් වශයෙන් හෝ ගෙවන ලෙස මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පසුගියදා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් සිදු කල අතර හිග මුදල් නොලැබීම හේතුවෙන් සැපයුම්කරුවන් භාණ්ඩ ලබා දීමට මැලිකමක් දක්වන බවට වාර්තා වේ.
















































