ඊයේ (28) දිනයේ දී යාපනය වෙරළට මළසිරුරු 03ක් ගොඩගසා ඇති බව වාර්තා වේ.
පෙරේදා (27) දිනයේ දී ද මෙලෙස යාපනය – වැල්වැටිතුරෙයි සහ පේදුරුතුඩුව මුහුදු වෙරළට මෙලෙස මළසිරුරු 03ක් ගොඩගසා ඇත.
ඊයේ (28) දිනයේ දී ද මෙලෙස ගොඩගැසූ මළල සිරුරුවල අනන්‍යතාවය මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර එම මළ සිරුරු දැඩි ලෙස නරක් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ධීවරයින් පිරිසක් විසින් කරන ලද දැනුම් දීමකින් මෙම මළ සිරුරු සොයාගෙන ඇති බව පවසයි.