මුතුරාජා ඇතා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් පැය කිහිපයකට පසු දූෂිත මිනිසුන්ගේ දුෂ්ඨ ක්‍රියාකලාපය පිළිබඳව ලෝකයටම කියන්නට තායිලන්තය කටයුතු කළේය.
ඉන් ශ්‍රී ලංකාවට සිදු වූයේ දැවැන්ත හානියකි. ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට සිදුවූ එම හානිය ගෙවා නිමවීමටත් පෙර මාගල්කන්දේ සුදත්ත නැමැති බෞද්ධ භික්ෂුවකගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා කළඹන්නට සමත් වී තිබේ.
එම වීඩියෝව පිළිබඳව පසුව අනාවරණය වූයේ මෙම වීඩියෝව මුදා හැර තිබෙන්නේ අදාළ සිදුවීම සිදුවූ ජපානයේදී බවයි.
මාගල්කන්දේ සුදත්ත නැමැති භික්ෂූව සහ මෙම ස්ථානයට කඩා පනින මිනිසුන් සිටින්නේ ජපානයේ නම් ඔවුන් ජීවත් විය යුත්තේ ජපන් නීතියට අනුවය.
ඔවුන් ශ්‍රී ලංකාවේ සිටියදී සිදු කළ දෑ ජපානය තුළ සිදු කිරීමට නෛතික වශයෙන් ඔවුන්ට අයිතියක් හෝ බලයක් නැති බවට අමතක කළ බව එම විඩියෝව තුළින් පැහැදිලි වේ.
ජපානය තුළ පවතින නීතින් සහ ශ්‍රී ලංකාව තුළ පවතින නීතින් වල විශාල වෙනසක් දක්නට නොලැබුණත් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ තරාතිරම් සහ සම්බන්ධකම් මත වන නමුත් ජපානයේ එවැනි තත්ත්වයක් නොමැති අතර ඔවුන් සියලු දෙනාට සම නීතියක් ක්‍රියාත්මක කිරීමට සමත්ව තිබේ.එබැවින් ජපන් පොලිසිය යනු ලෝකයේ පවතින පොලිසි අතරින් ඉහළින්ම පවතින අතිශය නීතිගරුක පොලිසියකි.
මාගල්කන්දේ සුදත්ත නැමැති බෞද්ධ භික්ෂුවගේ සිද්ධියට අදාළව එහි සිටි පිරිස්වල හැසිරීම ජපාන නීතියට පටහැනි ය.එය ශ්‍රී ලාංකික නීතියට අනුව පටහැනි වූවත් ශ්‍රී ලාංකිකයන් නීතිය නවා ගැනීමට පොලිසිය සහ දේශපාලන අධිකාරිය සමග තමන්ගේ තිබෙන සබදතා උපයෝගී කර ගනිමින් විසදුම් ලබා ගනී.
මෙම මාගල්කන්දේ සුදත්ත නැමැති භික්ෂූව වෙත කඩා පනින මෙම පුද්ගලයන් ජපන් නීතියට අනුව නින්දිත වන අතර ජපන් රට තුළ මේ ආකාරයෙන් නීතිය අතට ගැනීමට ඔවුන්ට කිසිසේත්ම හැකියාවක් නොමැත.
එහි සිටින පුද්ගලයන් තවත් බෞද්ධ භික්ෂුවකට හා දොරවල්වලට පහර දෙන ආකාරය ද විඩියෝව තුළ දක්නට ලැබේ .මාගල්කන්දේ සුදත්ත නැමැති භික්ෂුවගේ එම අවස්ථාවේ හැසිරීම ජපන් නීතියට අනුව සිදුවන අතර ඔහු කිසිදු කළබලයක් ඇති නොකරයි.
මේ අතර ලෝකයේ බොහෝ රටවල් එම රටවල්වල පූජකවරුන්ගේ ලිංගිකත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන නමුත් , ශ්‍රී ලංකාව තුළ අප ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස කටයුතු කරන බැවින් මෙවැනි සිද්ධින් ශ්‍රී ලාංකික අපට හිරිකිතයක් ගෙන දෙන කාරණාවකි.
නමුත් එම භික්ෂූව වරදක් සිදු කරන බව දැක්වෙන කිසිදු සාක්ෂි සහිත විඩියෝවක් මුදා හැරීමට කිසිවෙකු සමත් වූයේ නැත.
මෙහිදී දක්නට ලැබෙන්නේ සාක්ෂියක් නොමැති යම් කිසි සිද්ධියක් සිදු වූවා යැයි පවසමින් විඩියෝවක් මුදා හැරීම වන අතර එමගින් මාගල්කන්දේ සුදත්ත නැමැති බෞද්ධ භික්ෂූවට අපහාසයක් සිදුවන නමුත් එම අපහාසය සිදු වීමට පදනම් වූ කාරණාව අපරාධ නීතියට ගොනු කර ගැනීමට හැකි සාක්ෂියක් නොවේ.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සිට ජපානයට ගිය ශ්‍රී ලාංකික පුරවැසියන් බොහෝ දෙනා මෙම ස්ථානයට කඩා වදින පුද්ගලයින්ගේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ දැඩි ලෙස අප්‍රසාදය පළ කරනු ලබයි.
මෙම වීඩියෝවේ සිටින කෑගසන කාන්තාවගේ වචනවලට අනුව ජපන් පොලිසිය හැදුනුම්කම් මත හිතවත්කම් මත කටයුතු කරන බවත් ඇයට ඒ ආකාරයෙන් ජපන් පොලිසිය තුළ කටයුතු කළ හැකි බවත් ප්‍රකාශ කරයි.නමුත් ජපානයේ සිටින ජපන් රටට ආදරය කරන දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් පවසන්නේ ජපන් පොලිසිය යනු ශ්‍රී ලංකාවේ පොලිසිය මෙන් දූෂිත ආයතනයක් නොවන බවයි.
මෙහිදී එම කාන්තාව ප්‍රකාශ කරන්නේ, එයා ට්‍රාන්ස්ලේටර් බවත් එයාගේ නංගී පොලිසියේ බවත් දැන් ගෙන්වන බවත් ඉමිග්ග්‍රේට්‍රන් ගෙනිහින් රටින් පිටමන් කරන බවත් පච ටෝක් දෙන්නෙ මේවගෙ උන්ද,ජපන් පොලිසියේ භාෂා පරිවර්තකයින් ලෙසින් බදවාගෙන ඉන්න මේකිගෙන් ශ්‍රී ලාංකිකයින්ට ඔය විදිහට බලද්දි සාධාරණයක් වෙයිද? පොලීසි වලට පාවා දී අපේ උන්ව බේරා දෙයිද යන්නයි.
නමුත් ජපන් පොලිසිය ඒ ආකාරයෙන් කටයුතු නොකරන පොලිසියක් බව ජපන් ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කරයි.ඒ ආකාරයෙන් අපහාස කිරීම ඔවුන් දැඩි සේ පිළිකුල් සහගත ලෙස ඉවත් කරමින් කම්පනයට පත්ව සිටී.
ජපන් පොලිස් සේවය තුළ වැඩ කරන පොලිස් නිලධාරින් යනු, තමන්ගේ ළගම හිතවතෙකුටවත් තමන් රාජකාරී කරන්නේ පොලිසියේ බව හෝ එවැනි සමීප සබදකම් නොපවත්වන කණ්ඩායමකි.
ඒ අනුව ඔවුන් ඔවුන්ගේ රාජකාරිය අකුරටම ඉටු කිරීම උදෙසා ස්වාධීන පොලිස් සේවයක් ලබා දෙමින් ඔවුන් ජපන් රජය තුළ ක්‍රියා කරන බවට ජපන් ශ්‍රී ලාංකිකයින් ප්‍රකාශ කර තිබේ.
එවැනි ලෝකයේ තිබෙන විශිෂ්ඨ ගණයේ පොලිසියකට මේ ආකාරයෙන් අපහාස කිරීම තුළින් එම පොලිසියටත් ශ්‍රී ලාංකිකයින්ටත් සිදු වන්නේ දැඩි අපකීර්තියකි.
සමහර ශ්‍රී ලාංකිකයින්ගේ මෙවැනි නැහැදිච්ච කම් වෙනත් රටවල් තුළ ප්‍රදර්ශනය කිරීම නුසුදුසු ක්‍රියාවක් බවද ඔවුන් එම රටේ නීතියට ගරු නොකරන්නේ නම් ඔවුන්ට සුදුසු වෙනත් රටකට ඔවුන් යා යුතු බවත් නිදහස් නිවහල් සාමකාමී රාජ්‍යයන්ට මෙවැනි මිලේච්ඡ ආකාරයෙන් කටයුතු කරන ශ්‍රී ලාංකිකයන් නොපැමිණිය යුතු බවත් ජපානයට ආදරය කරන ජපන් ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කර තිබේ.
එසේම ඔවුන් සදහන් කරන්නේ මෙම කාන්තාවට සහ මෙම පුද්ගලයන්ට අවශ්‍ය අවශ්‍ය ආකාරයෙන් නීතිය නැවීමට හැකි ආකාරයේ කිසිදු කටයුත්තක් ජපන් පොලිසිය සිදු නොකරන බවයි.
ශ්‍රී ලාංකිකයන් ලෙස බොහෝ ජනතාව ශ්‍රී ලංකාව තුළ ජීවත් වන්නේ සෑම අතකින්ම දූෂිතයන් ලෙස වුවත් ශ්‍රී ලංකාව තුළද ලක්ෂ ගණනාවක් වන ජනතාවක් පවතින නීතියට ගරු කරමින් ජීවත් වේ. ශ්‍රී ලංකාව තුළ නීතිය නැමීමට හා දූෂණයට අවශ්‍ය කටයුතු සිදු වෙමින් තිබෙන්නේ අහිංසක ශ්‍රී ලාංකිකයන්ගෙන් නොව මුදල් තිබෙන දූෂිත ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ සමහර දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් බහුතරයක් නිසාය.
ඒ හැර ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව ඉතාම විනය ගරුක ජනතාවක් ලෙස ජීවත් වේ .කෙසේ නමුත් එසේ සාමාන්‍ය ජනතාවගෙන්ද 20% 25% පමණ දූෂිත වන අතර එම දූෂිතයන් සහ පෙර සදහන් කළ දූෂිත දේශපාලනඥයන් සහ රාජ්‍ය සේවකයන් අතර දැඩි සබදතාවයක් පවතී.
මෙවැනි රටවල් වලට ගොස් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ එවැනි දූෂිත පුද්ගලයින්ගෙන් අතළොස්සකි .ජපානයේ සිටින දහස් ගණනක් වන ශ්‍රී ලාංකිකයන් සදහන් කරන්නේ මෙවැනි දූෂිත වූ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ලෙස ජපානය තුළ මාෆියාවක් ගොඩ නැගීමට ඉඩ නොදිය යුතු බවයි.එම ජනතාව ජපානයට ගොස් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ දූෂිත හැසිරීම් ය. ඉන් ශ්‍රී ලංකාවට සිදුව තිබෙන්නේ දැවැන්ත නින්දාවකි.
මාගල්කන්දේ සුදත්ත නැමැති භික්ෂූවට “හොද වැඩේ යැයි” පවසන ශ්‍රී ලාංකිකයන්ද ලැජ්ජාවට පත් විය යුත්තේ මෙම සිදුවීම සිදු වන්නේ අතිශයින්ම විනය ගරුක නීති ගරුක කිසිවෙකුටත් හිරිහැරයක් නොමැති ව ජීවත්වන මිනිසුන් සිටින රටක බැවිනි.
ඉන් ලංකාවට සිදුව තිබෙන්නේ දැවැන්ත අවමානයක් සහ අපහාසයකි.ඔවුන් මෙයින් නිගමනය කරන්නේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ හැසිරීම මේ ආකාරයෙන් බවයි.එවැනි ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන් කටයුතු කරනු ඇතැයි සිතා ලාංකිකයන් තම රටට ගෙන්වා ගැනීමට ඔවුන් මැලි කමක් දක්වයි.
එබැවින් අතළොස්සක් සිදු කරන මෙවැනි ක්‍රියා සදහා දැඩි ලෙස දඩුවම් ලබා දිය යුතු බවට ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අදහසයි.
ජපන් නීතියට අනුව විඩියෝවේ ආකාරයට කෑගැසීම වීඩියෝ කිරීම ආදී සියල්ල තහනම් ය.
ජපානය තුළ ජීවත්වන ශ්‍රී ලාංකික ජනතාව පන්සල් වැනි දෑ ගොඩ නගමින් එරට නීතියට අනුව යහපත් සමාජයක් ගොඩනගමින් ඉතාම සතුටින් ජීවත් වේ.
එම සතුට විනාශ කිරීමට මෙවැනි මාෆියා කල්ලිවලට ඉඩ ලබා නොදිය යුතු බවත් එරට සිටින ශ්‍රී ලාංකික ජනතාව ප්‍රකාශ කරයි.එසේම අවිනීතියට ඉඩ නොතැබිය යුතු බවද ප්‍රකාශ කරන ඔවුන් සදහන් කරන්නේ එය එසේ වීමෙන් ජපානය තුළ සතුටින් ජීවත්වන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ පැවැත්මටද දැඩි හානියක් සිදුවන බවයි.
එසේම ජපන් නීතියට සහ ශ්‍රී ලාංකික නීතියට අනුවද මෙම සිද්ධිය දෙස බලන විට පෙනෙන්නට ඇත්තේ නීතිය අතට ගත් නීතිවිරෝධී කණ්ඩායමක් නීතිවිරෝධී ලෙස යම් ස්ථානයකට කඩා පනින බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පවා මෙවැනි සිද්ධීන්ට ගන්නා ක්‍රියාමාර්ගය මෙසේ කඩා පනිනා පුද්ගලයන් කවුරුන්ද ඔවුන්ගේ නීතිවිරෝධී හැසිරීම පිළිබඳව සොයා බලා ඔවුන්ට දඩුවම් කිරීමයි .
එසේම මාගල්කන්දේ සුදත්ත නැමැති හික්ෂුව යම් වරදක් කර තිබේ නම් එම වරද ඔප්පු කිරීමට මෙම පුද්ගලයන්ට හැකියාව තිබිය යුතු ය.
නමුත් මෙම විඩියෝව මගින් පුද්ගලයන් නීත්‍යානුකූල මෙම භික්ෂූන් දෙදෙනා නොමැතිව අනෙකුත් සියලු දෙනාම නීතිවිරෝධී ලෙස සාමකාමීව ජීවත්වන යම් කොට්ඨාසයකට කරදරයක් හිරිහැරයක් සිදු කරන බවයි.නමුත් අනෙක් පසින් මාගල්කන්දේ සුදත්ත නැමැති භික්ෂූව වරදක් කර තිබේනම් එය ඔප්පු කිරීමට අනෙක් පාර්ශවයට සිදුවේ.
එබැවින් ජපානයේ සිටින ජපානයට ආදරය කරන එරට නීතියට ආදරය කරන සියලුම ශ්‍රී ලාංකිකයන් මෙම සිද්ධියෙන් දැඩි ලෙස කම්පාවට පත්ව තිබේ.ජපානය තුළ ජීවත්වන ඔවුන් සදහන් කරන්නේ ඔවුන්ගේ යහපත් පැවැත්මටද මෙය දැඩි හානියක් බවත් මෙම පුද්ගලයන් ශ්‍රී ලංකාවට සිදු කරන්නේද දැඩි නින්දාවක් බවත් ය.
එබැවින් ඔවුන් සියල්ලෝම ජපන් රජයෙන් ඉල්ලා සිටින්නේ ජපානයට පැමිණ ජපන් නීතියට අනුව වැඩ නොකරන ජපන් පොලිසියට මෙන්ම ශ්‍රී ලංකාවටද අපහාසයක් වන ලෙස කටයුතු කරන සියලු දෙනා අත්අඩංගුවට ගෙන එරට නීතියට අනුව දඩුවම් ලබා දී ශ්‍රී ලංකාවට පිටුවහල් කළ යුතු බවයි.
සමාජ මාධ්‍ය කැළඹූ එම වීඩියෝව පහතින්,