English
සිංහල
01:16 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මානව හිමිකම් කොමිසම් කාර්යාලය තුල කලබලයක්.

    publisher 3 by publisher 3
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේවන විට මානවහිමිකම් කොමිසම් කාර්යාලය තුල යම් කිසි කලබලයක් සිදුව තිබෙන බව වාර්තාවේ.

    වාර්තාවන ආකාරයට එම කලබලය වන්නේ මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනියට විරුද්ධ වූ කොමසාරිස් වරු තිදෙනාට එරෙහිව එම කාර්යාලයේ නිලධාරීන් කටයුතු කිරීමත් ඔහුන් තිදෙනාගේ කාර්යාල මේවන විට මානවහිමිකම් කොමිසන් සභාවේ සේවක සේවිකාවන් විසින් වටලා තිබෙන බවත්ය.

    “මෙපිළිබඳව ඔහුන් හා සභාපතිනිය අතර තිබෙන ගැටුම් පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය වාර්තා කළ අතර මෙහි පහත සඳහන් වන්නේ එම ගැටුම පිළිබඳව මවුබිම වෙබ් අඩවිය වාර්තා කරතිබූ ආකාරයයි”.

    “සභාපතිනිය එක්ක අපට වැඩ කරන්න බෑ”: මානව හිමිකම් කොමසාරිස්වරු ජනපතිගෙන් ඉක්මන් සාකච්ඡාවක් ඉල්ලති

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සහ එහි සභාපතිනිය අතර ගැටුම උග්‍රවී ඇතැයි ද කොමිසමේ ඇති වූ අවාසනාවන්ත තත්ත්වය පැහැදිලි කිරීම සඳහා තමා ඇතුළු කොමසාරිස්වරුන් තිදෙනෙකු ජනාධිපතිවරයා සමග හදිසි සාකච්ඡාවක් ඉල්ලුවේ යැයි ද එහි කොමසාරිස් ආචාර්ය විජිත නානායක්කාර මහතා ‘මව්බිම’ට පැවසීය.

    මානව හිමිකම් කොමිසමේ වත්මන් ක්‍රියාවලිය එම පනත සම්පූර්ණයෙන් ම උල්ලංඝණය කිරීමක් වන බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කිරීම සඳහා කොමසාරිස්වරුන් තිදෙනා ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියේ යැයි ආචාර්ය විජිත නානායක්කාර මහතා කීය.

    කොමිසමේ සභාපතිනිය හා කොමසාරිස්වරුන් අතර ගැටුම ආරම්භ වූයේ සභාපතිනිය තම අවශ්‍යතාවට අනුව පරීක්ෂණ කිහිපයක් කිරීම සහ දේශපාලන උත්තේජනයෙන් ක්‍රියාකිරීම නිසා යැයි ආචාර්ය විජිත නානායක්කාර, ආචාර්ය නිමල් කරුණාසිරි සහ කළුපහනේ පියරතන හිමි යන කොමසාරිස්වරුන් තිදෙනා සාකච්ඡාවක් ඉල්ලමින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.

    එම ලිපියේ අයැදුම ගැන කරුණු පැහැදිලි කරමින් ආචාර්ය නානායක්කාර මෙසේ ද පැවසීය.

    “ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය ප්‍රධාන කාරණය වන්නේ කොමසාරිස්වරුන්ගේ අදහස් නොතකා සභාපතිනිය අත්තනෝමතික තීරණ ගැනීමයි. තීරණ ගැනීමේදී ඇය කොමසාරිස්වරුන් සම්පූර්ණයෙන් ම නොසලකා හැරීම ගැන කොමසාරිස්වරුන්ගෙන් බහුතරයක් සිටින්නේ නොසතුටින්. ඇත්තට ම මේක අලුත් ප්‍රශ්නයක් නෙවෙයි. එතුමිය සභාපතිනිය ලෙස පත් වූ දා සිටම මේක වුණා. දැන් කොමිසමේ වැඩ කරන්න බැරි තැනකට ඇවිත් තියෙනවා.”

    “අපි අමාත්‍යාංශයක් යටතට එන්නේ නැහැ. අපි කෙළින්ම ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගැනෙන්නේ. අපි හොයන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක්. මේක වැඩි කලක් යන්න බෑ. එක්කෝ අපිව අයින් කරලා සභාපතිනිය තියාගන්න ඕනෑ. නැත්නම් එතුමිය අයින් කරලා අපිව තියාගන්න ඕනෑ. නැත්නම් අපි ඔක්කොම අයින් කරන්න මේක ඩෙඩ්ලොක් එකක්. නීතියට පටහැනිව සිදුවෙමින් පවතින මේ ක්‍රියාවලිය මුළුමනින් ම මානව හිමිකම් පනත උල්ලංඝණයක්.”

    “මානව හිමිකම් කොමිසමේ පනතට අනුව කොමිසම සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත විය යුතුයි. එහි බලය ඇත්තේ කොමිෂන් සභාවට. කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සභාපතිනියට පරිපාලනමය තීරණ කිහිපයක් ගත හැකියි. ඒත් එය යමෙකු පත් කිරීම, මාරු කිරීම හෝ මුදල් සම්බන්ධ කාරණා නෙවෙයි. මේවා කොමිසම යටතට එනවා. එහෙත් ඇය කොමිසමෙන් නියෝග නොවිමසා ඇතැම් තීරණ ගෙන තියෙනවා. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නය. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපට තිබෙන එකම විකල්පය ජනාධිපතිතුමාට ලිඛිතව ලිවීමයි. අවාසනාවට මේ ගැන සාකච්ඡා කරන්න අපිට තවම ජනාධිපතිතුමා එක්ක වෙලාවක් ලැබිලා නැහැ.”

    මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය නිමල් කරුණාසිරි මහතාද ‘මව්බිම’ට අදහස් දක්වමින් කොමසාරිස්වරුන් තිදෙනා ජනාධිපතිවරයා හමුවීමට අපේක්ෂා කරන්නේ කොමිෂන් සභාව තුළ පවතින ගැටුමෙන් ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවන බැවින් එයට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් යැයි කීය.

    “පනතට අනුව බලතල පැවරී තිබෙන්නේ කොමිෂන් සභාවට. ඒත් සභාපතිනිය තම පෞද්ගලික මතය අනුව කොමිසම ගත් තීරණ නොසලකා හරිමින් අත්තනෝමතික ලෙස කටයුතු කරනවා. කොමසාරිස්වරුන් මෙම ප්‍රශ්නය සුහදව විසඳා ගැනීමට උත්සාහ කළත් සභාපතිනිය තදින් ම කියා සිටින්නේ තමන්ට තනි බලයක් හිමියි කියලා. විශේෂයෙන් ම මේ වසරේ මාර්තු මාසයේ සිට කොමිෂන් සභාව ගත් බොහෝ තීන්දු තීරණවලට එළැඹුණේ කොමසාරිස්වරුන්ගේ එකඟතාවකින් තොරව,” කරුණාසිරි මහතා පැහැදිලි කළේ ය.

    “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නව කොමිෂන් සභා පත් කරන්න කියලා අයැදුම්පත් කැඳවලා දැන් මාස දෙක තුනක් වෙනවා. ඒත් මානව හිමිකම් කොමිසමට නව සාමාජිකයන් පත්කිරීමේ ප්‍රමාදයක් පවතින බවක් අපට පේනවා. මෙහෙ ම පරිසරයක අභ්‍යන්තර ගැටුම් වගේ දේවල් මහජන අවධානයට ලක්වන විට ඒක ජනතාවට විශාල අසාධාරණයක්. කොමසාරිස්වරුන් පත් කරන බලධාරියා ජනාධිපතිවරයා නම් කොමසාරිස්වරුන් මේ අවස්ථාවේ පැමිණිලි කළ යුතු පුද්ගලයා ත් ජනාධිපතිවරයායි. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මානව හිමිකම් කොමිසමට කොමසාරිස්වරුන් කඩිනමින් පත් කරන ලෙසයි. අපි නැවත පත්කළ යුතු යි කියලා අපි බල කරන්නේ නැහැ. අපි කවුරුත් හොඳ මදි නම් අලුත් කොමසාරිස්වරු පත් කරලා මේ අවුල ඉවරයක් කරන්න. මේක තමයි අපි ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීම.”

    “මේ වගේ ප්‍රශ්න අවුල් වෙන්න ඉඩ දුන්න ම ඒක අපිට පෞද්ගලිකව බලපාන්නේ නැහැ. මේවා බලපාන්නේ මේ රටේ ජනතාවට පමණයි. ඇය සභාපතිනිය ලෙස නම් කළ ත් ඇය කොමසාරිස්වරියක්. ඇයට අත්තනෝමතික ලෙස තීරණ ගන්න බෑ. බහුතර සාමාජික එකඟතාවයෙන් තමයි ඒවා ගන්න ඕනෑ.” කොමසාරිස් මණ්ඩල රැස්වීම් නිතිපතා පැවැත්වීමේ වැදගත්කම සභාපතිනිය නොසලකා හරිමින් මානව හිමිකම් කොමිසමේ පනත උල්ලංඝණය කරන බවට ද චෝදනා කරන කොමසාරිස්වරුන් කොමිසමේ ඇති සියලු ම ගැටලු නිශ්චිතව පැහැදිලි කිරීමට මෙම සාකච්ඡාව ඉල්ලා තිබේ.

    සෙසු කොමසාරිස්වරුන් හතර දෙනාගෙන් විමසීමක් නොකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා කැඳවීමට අත්තනෝමතික ලෙස තීරණය කිරීමට මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය මේ වසරේ මාර්තු මාසයේදී ගත් තීරණය ආන්දෝලනයට තුඩු දුන් අතර තමන් එවැනි තීරණයක් නොගත් බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් සිවුදෙනා එම අවස්ථාවේදී අවධාරණය කළහ. සෙසු කොමසාරිස්වරුන්ගේ ප්‍රකාශ හමුවේ සභාපතිනියට සිතාසිය ඉල්ලා අස්කර ගැනීමටත් පැහැදිලි කිරීමක් නිකුත් කිරීමටත් සිදු විය.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version