ගුරු හා විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් තීරණය කර ඇත්තේ පළාත් පාලන ඡන්දය කල්දැමීම හා ගුරු විදුහල්පති වැටුප්, උසස්වීම් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අනිද්දා (1) දින කළු විරෝධතාවයක නිරත වීමටයි.
ගුරු හා විදුහල්පති වරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත ජෝෂෆ් ස්ටාලින් පවසා ඇත්තේ එදිනට සියලු ගුරුවරුන් කළු ඇඳුමින් සැරසී පාසලට පැමිණීමට තීරණය කර ඇති බවයි.














































