ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රකාශ කරන්නේ භානුක රාජපක්ෂට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට මෙය අවස්ථාවක් නොවන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් භාරදුන් බවට මාධ්‍ය වාර්තා කීරීමත් සමග ලසිත් මාලිංග විසින් මේ බව ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්ත වශයෙන් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම පහසු කාර්යයක් නොවන බවත් එහි දී ක්‍රීඩකයින්ට විවිධ අභියෝගයන්ට මුහුණදීමට සිදුවන බවත් සිය නිල ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ලසිත් මාලිංග වැඩිදුරටත් සඳහන් කර ඇත.
භානුක රාජපක්ෂට ශ්‍රි ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉටුකිරීමට තව බොහෝ දේ ඇති බවත් , සිය තීරණය පිළිබඳව නැවත වරක් සලකා බලන ලෙසත් අදාළ ලිපියේ ලසිත් මාලිංග විසින් වැඩිදුරටත් ඉල්ලා ඇත.













































