බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ‘වේලාව ඉක්මවීම’ යන වරද යටතේ සිදු වූ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ දැවී යෑම සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරයේ නියැලුණු හිටපු පාකිස්තාන ක්‍රීඩක වකාර් යූනිස් ශකීබ්ගේ ඉල්ලීම ක්‍රීඩාවේ ජීව ගුණයට විරුද්ධ බවට සහ ශකීබ්ගේ හැසිරීම පිළිබඳව කළ විවේචනයන්ට එරෙහිව, බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ක්‍රියාත්මක නොවීමට හේතුව දින 10ක් ඇතුළත පැහැදිලි කරන ලෙසයි.
වකාර් යූනිස්, ශකීබ් අල් හසන් පිළිබඳව කළ විවේචනයන්ට විරුද්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කොට වකාර්ව විස්තර විචාරක මඩුල්ලෙන් ඉවත් කරන ලෙසට බංග්ලාදේශ රසිකයන්ගෙන් මීට පෙර චෝදනා එල්ල වූවත් මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අයි. සී. සීය වෙත පැමිණිලි කර නොතිබේ.















































