නානුඔය වෙස් පොඩි වත්තේ ඉහළ කොටසේ පදිංචිව සිටි මගාදේවන් සතිෂ් කුමාර් නැමති 18 හැවිරිදි තරුණයෙකු කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට තරුණයාගේ මිතුරෙකුගේ නිවසට ගොස් ඔහු සමඟ ඊයේ (26) පස්වරු 1ට පමණ කොත්මලේ ඔයට ජලය ගලා බසින වෙස්පොඩි ඇළෙහි දිය නෑමට ගොස් තිබෙන අතර මෙහිදී ඔහු ඇළෙහි ගිලී අතුරුදන්ව තිබේ.
මෙහිදී තරුණයා සොයා ගැනීමට නොහැකි වූ නිසාවෙන් නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ ජීවිත ආරක්ෂක නිලධාරින්ට දැනුම් දීමෙන් එම නිලධාරින් පැමිණ තරුණයාගේ සිරුර ඇළෙහි අඩි 10ක පමණ ගැඹුරෙහි තිබී ගොඩගත් බව පොලිසිය ප්‍රකාශ කළ අතර මේ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ නානුඔය පොලිසිය විසින් සිදු කරනු ලබන බවට වාර්තා වේ.