ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් , සියලුම මාධ්‍ය ප්‍රධානීන් , සෞඛ්‍ය ප්‍රවෘත්ති ආවරණය කරන මාධ්‍යවේදීන් ඇතුළු 150 කට ආසන්න පිරිසක් සඳහා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ අද (04) සංවිධානය කර තිබූ සුපිරි සාදය වෙනුවෙන් මුදල් වැය කරන ලද්දේ කවරෙක් දැයි පරීක්ෂණයක් මඟින් සොයා බැලිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද (04) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඖෂධ නියාමන අධිකාරී පනත සහ වෛද්‍ය සභා පනත මුලුමනින්ම අහෝසි කර ක්ෂේත්‍රය වෙළඳපොළ වෙත නිරාවරණය කරන බව සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරන විට ජනාධිපතිවරයා සෞඛ්‍ය සේවයේ අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා නව පනතක් මාස හයක් තුළ ගෙනෙන බවත් , රටේ සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය ව්‍යවසනයට ලක් කරන දුෂ්ඨ ව්‍යාපෘතියක් සාධාරණීකරණය කිරීමට අවශ්‍ය මාධ්‍ය අවකාශය සපුරා ගැනීමට අධ්‍යාපන ලේකම්වරයා සූදානම් වන බවත් ඔහු සඳහන් කර තිබේ .
ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ කාශ්‍යප ශාලාවේ පැවැත්වූ මෙම සාදය සඳහා මුදල් වියදම් කර ඇත්තේ මේ රටේ පසුගිය වකවානුව තුළ බාල ඖෂධ ගෙනවිත් මිනී මරණ ලද ඖෂධ සමාගම් බව තමන්ට ලැබී ඇති විශ්වාසවන්ත සාධකවලින් හෙළි වී තිබෙන බව පුබුදු ජයගොඩ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා ,
” ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් කියලා කියන සමන් රත්නප්‍රියට ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ 150 කට රෑ කෑමක් දෙන්න සල්ලි කොයින්ද ? අපට තියන සියලු ම ආරංචි අනුව බාල ඖෂධ ගෙනත් මිනී මරපු සමාගම් තමයි මේ සාදයට වියදම් කරන්නේ. සමන් රත්නප්‍රිය කොයින්ද මේ සල්ලි හෙව්වේ. කෙහෙළිය රඹුක්වැල්ලට කවුද මේ සල්ලි දුන්නේ කියලා වහාම විමර්ශනයක් අවශ්‍යයයි. ඔවුන් පැහැදිලි කළ යුතුයි මොකක්ද වෙන්නේ කියලා. මාධ්‍යවේදීන්ගෙන් මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ මිනීමරුවන්ගේ සල්ලිවලින් කන්න යන්න එපා කියලා. “













































