English
සිංහල
15:39 ඉරිදා, ඔක්තෝබර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මිනීමරු පොලිසියේ මොන්ටිසෝරි වැඩ අධිකරණයේ දී හෙලිවෙයි. නිතිවේදීන් සිය ගණනක් රඹුක්කනට.

    Ravana by Ravana
    වසර 4ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    කෑගල්ල ප්‍රදේශයේ 2022.04.19. දින සිදු වූ උද්ඝෝශනයක් අතරතුරදී තරුණයෙකු මිය යාම පිරිසක් තුවාල ලැබීම හා දේපලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් පොලිසිය ඊයේ දින එනම් 2022.01.20 දින බී වාර්තා දෙකක් මගින් කෑගල්ල ගරු මහේස්ත්‍රාත් වාසනා නවරත්න මැතිනිය වෙත කරුණු වාර්තා කළේය.

    ඉන් එක් බී වාර්තාවක් මගින් දේපල හානි කිරීමට අදාලව සැකපිට වයස අවුරුදු දහ අටක පාසල් ශිෂ්‍යයෙක් ඉදිරිපත් කර පොදු දේපල පනත ඇතුලුව චෝදනා කීපයක් යටතේ කරුණු වාර්තා කර තිබින. ඔහු වෙනුවෙන් ජෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ඉදිරිපත් වෙමින් ඇප ලබා ගත්තේය.

    අදාල ගැටුම සම්බන්ධව සියලු ස්ථාන පරීක්ෂණ ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් සිදු කෙරිණ. මේ සදහා පොලිස් නිළධාරින් හා සීයයකට අධික නීතීඥවරුන් සහභාගි වූ අතර ස්ථාන පරීක්ෂණය රාත්‍රී හත පමණ වන තෙක් පැවැත්වින. සිද්ධි මාලාවේ විවිධ අවස්ථා ඇසින් දුටුවන් කීප දෙනෙක් ස්ථාන පරීක්ෂණයේදී ගරු මහේස්ත්‍රාත්තුමිය වෙත ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ප්‍රකාශ ලබා දෙන ලදී.

    අදාල ගැටුම සිදු වූ ස්ථානයන්හි සීසීටීවී කැමරාවන්ට අලාභහානි සිදු වී තිබූ බව මහේස්ත්‍රාත්තුමියගේ නිරීක්ෂණයට භාජනය විය. විසිරී තිබූ ලේ පැල්ලම්ද, කෝලහාල ස්ථානද, ගින්නට බදුන් වී තිබූ ත්‍රී රෝද රථයද ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් වැඩිදුර නිරික්ශණයට ලක් කරන ලදී.

    ස්ථාන පරීක්ෂණය සදහා ඉල්ලීමක් කරමින් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ වූ වරදක් කරන ලදැයි වූ චෝදනාව ( නොසැළකිලිමත් ලෙස සාවද්‍ය මනුශ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරද- උපරිම දණ්ඩනය වසර පහක බරපතල වැඩ සහිත සිර දඩුවමකි) ගරු මහේස්ත්‍රාත්තුමිය ස්ථාන පරීක්ෂණයේ යෙදී සිටිමින් සිටින අතරවාරයේ පොලිසිය විසින් ටිපෙක්ස් කර මකා දමා තිබෙනු ගරු අධිකරණයේ නිරීක්ෂණයට භාජනය විය.

    අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හා විරෝධය පොලිසියේ එම ක්‍රියාව සම්බන්ධයෙන් එල්ල විය. අධිකරණය භාරයේ තිබූ එම බී වාර්තාව අධිකරණයේ අවසරයකින් තොරව වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලිසිය ගරු අධිකරණයෙන් සමාව අයැද සිටින ලද අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වාර්තා කර අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගන්නා බවට පොරොන්දු වෙන ලදී.

    එසේම මෙහිදී නීතීඥවරුන් කරුණු දක්වා සිටියේ මුලින් ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවක් වෙනස් කිරිමට අවශ්‍ය නම් එය කල හැක්කේ වැඩිදුර තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බවත් එය අපරාධ නඩුවක මූලික සිද්ධාන්තය
    බවත්‍ ය. එසේම මෙම මූලික සිද්ධාන්ත හෝ නොදන්නා පොලිස් නිළධාරීන් මෙතරම් බරපතල සිද්ධියක් සම්බන්ධයෙන් අපක්ශපාතී පරීක්ෂණයක් කරන්නේදැයි යන්න තමන්ට සැක සහිත බව ප්‍රකාශ කරමින් දැනට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමෙන් මෙම පරීක්ෂණ ඉවත් කොට වෙනත් පොලිස් කණ්ඩායමක් වෙත මෙම පරීක්ෂණ පැවැත්වීමට නියෝග කරන ලෙසත් නීතීඥවරු ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

    අදාල සිද්ධිය සම්බන්ධයෙන් වූ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අද (2022.04.21) දින කෑගල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගැනීමට නියමිත අතර මෙකී සිද්ධිය සම්බන්ධව දන්නා යම් පුද්ගලයෙකු වේ නම් 2022.04.21 දින කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වී නීතිඥවරුන් මාර්ගයෙන් කරුණු දක්වා සාක්ෂි ලබා දීමේ අවස්ථාව ලබා කර ගත හැක.

    එසේම අදාල සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලික රූපවාහිනී නාලිකාවක් තම ප්‍රවෘත්ති මගින් ප්‍රචාරය වන ලද වීඩියෝ පට වල සංස්කරණය නොකරන ලද දර්ශන එම ආයතනය භාරයේ සුරක්ෂිතව තබා ගැනීමට නියෝගයක් හා එකී වීඩියෝ පට එම ජනමාධ්‍ය ආයතනය වෙත ඉදිරිපත් කරන ලද පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ නියෝගයක්ද නීතිඥවරු ඉල්ලා සිටියහ.

    තවද දැනටමත් අදාල සිද්ධියේදී පොලිසිය අවම බලය පාවිච්චි කර ඇති බව පිලිගෙන ඇති නිසා වෙඩි තැබීමේ නියෝගය නිකුත් කල පොලිස් නිළධාරියා හා වෙඩි තැබීම කල පොලිස් නිළධාරින් මරණකරු සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවන් ලෙස ඇතුලත් කරන ලෙසද නීතීඥවරු ඉල්ලූහ.

    අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ස්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරුන් වන රියන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න, උපුල් ජයසූරිය, උපාලි මොහොට්ටි හා ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද අතුකෝරාල මහත්වරුන් සමග තවත් නීතිඥවරුන් සීයයකට ආසන්න සංඛ්‍යාවක් කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව පෙනී සිටියහ.

    ප්‍රදේශයේ පොලිස් ඇදිරි නීතිය පනවා දැඩි ආරක්ශාවක් යොදවා තිබුණු අතර අධිකරණ කරයුතු රාත්‍රී 11.00 පමණ වන තෙක් පැවැත්විණ.

    නඩුවේ ඉදිරි දිනය 2022. 04. 21 එනම් අද දින වේ. අද දිනයේදී වැඩිදුර මරණ පරීක්ෂණ සාක්ෂි සටහන් කර ගැනීම හා පෙර දිනයේ ඉල්ලීම් වලට අදාල නියෝග නිකුත් කිරීමට නියමිතය.

    අරවින්ද හබක්කල.
    අනුරාධපුර සිට.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version