අද (06) උදෑසන 07.00 ට පමණ මිනුවන්ගොඩ, ගමන් ගෙදර ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ටී 56 ගිනිඅවියකින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවත් එහිදී පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි ප්‍රහාර එල්ලව ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ පෞද්ගලික ආරවුලක් මත එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
අදාළ වෙඩි තැබීම සිදුකර ඇත්තේ මෝටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පිරිසක් වන අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුතුන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෙඩි වැදීමට ලක්වූ පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.














































